ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තුළ උද්ගත වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද(22) සවස සමාජ හා සාමයික කේන්ද්‍රයේදී(CSR) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. ඊට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දිකලවිවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුවේ කැදවුම්කරු අමිල සදරුවන් හා වි.වි.ශිෂ්‍ය ක්‍රියාකාරී කසුන් ඉරාජ් යන සහෝදරවරු සහභාගී වූහ. ප්‍රථමයෙන් වි.වි.ශි.එ. කැදවුම්කරු අමිල සදරුවන් සහෝදරයා එහි දී මෙසේ සිය අදහස් දැක්වීය.
2012 වර්ෂයේ සිදුවන වත්මන් උපකුලපතිවරයාගේ ආගමනයත් සමග ශිෂ්‍ය ගාස්තු අසාධාරණ ලෙස ඉහළ දැමීම ඇතුලු ගැටලු රාශියකට ශිෂ්‍යයන් හට මුහුණ දීමට සිදු වී ඇතගමෙම අධ්‍යන වර්ෂය වන විට ශිෂ්‍ය ගාස්තු අසාධාරණ ලෙස 150% දක්වා ඉහළ දමා ඇත.එම දැරිය නොහැකි ගාස්තු හේතුවෙන් අද වන විට උපාධිලපාඨමාලා හැර යන සිසුන් ප්‍රමාණය බොහෝ සෙයින් වැඩි වී ඇති බවත් මෙම අධ්‍යාපනය විකිණීමට එරෙහිව නැගී සිටි සිසුන් බොහෝ ලෙස මර්දනයට ලක් කර ඇත. එමෙන්ම අධ්‍යන කප්පාදුවලඅසාධාරණ ලෙස ශිෂ්‍යභාවය අහෝසිකීරීම්, ශිෂ්‍ය සංගම් තහනම් කිරීම්, තර්ජනාත්මක ලිපි නිවෙස්වලට යැවීම් ආදී නොයෙකුත් මර්දනයන්ට අද වන විට ශිෂ්‍යන්ට අභිමුඛවීමට සිදුව ඇත. පසුගිය දිනක විශ්වවිද්‍යාලයට පැමිණි නව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා ශිෂ්‍ය ගාස්තු පිළිබද ගැටලුව හැර අනෙකුත් ගැටලුවලට විසදුම් ලබා දිය හැකි බව වාචිකව පොරොන්දු වුවත් එම වාචික පොරොන්දුව කෙරෙහි විශ්වාස නොකරන බව වැඩි දුරටත් ඔහු පැවසුවේය. 2014.12.03 වන දින විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිසන් සභාවට ගිය පාගමනෙන් අනතුරුව ඔවුන්ගෙන් හා පරිපාලනයෙන් නිසි පිළිතුරක් නොලද හෙයින් 2014.12.17 සත්‍යග්‍රහ ක්‍රියාමර්ගයකට අවතීර්ණ වූ බවත් අද වන විට එම දියත් කළ සත්‍යග්‍රහයට දින 37ක් ගත වී ඇත. අසාධාරණ ලෙස ඉහල දැමූ ගාස්තු ඇතුලු සියලුම ගැටලුවලට නිසි පිලිතුරු ලැබෙන තුරු අරගලය අඛණ්ඩව දියත් කරන බව ඔහු පැවසීය.
අනතුරුව අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා මෙසේ පැවසීය. අධ්‍යාපනය විකිණීමේ වැඩපිලිවෙල 1977 සිට ක්‍රියාත්මක වන අතර අද එම තත්ත්වයට විවෘත විශ්වවිද්‍යාලයට මුහුන දීමට සිදුව ඇති බවයි. පාලකයන්ගේ පැලැස්තර, මර්දන හා වාචික පොරොන්දු ඉදිරියේ සිසු අරගල නොනවතින බවත් විවෘත විශ්වවිද්‍යාලයේ ගැටලුවලට කඩිනමින් නිසි විසදුම් ලබා නොදුනහොත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණඩලය ලෙස දැවැන්ත ක්‍රියාමාර්ගයකට එලඹෙන බව ඔහු තව දුරටත් පැවසීය.