නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගැනීමට පෙළගැසෙමු සම්මන්ත්‍රණය

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගැනීමට පෙළගැසෙමු ප්‍රසිද්ධ සම්මන්ත්‍රනය සංවිධානය අද(27) දින කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේදී පැවැතිය. මේසඳහා විශ්වවිද්‍යාල ආචාර්‍යවරු, වෘතීය සමිති නියෝජිතයින් මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විශාල ප්‍රමානයක්ද සහභාගි විය.


වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන් එහිදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නුවන් පටබැදිගේ සහෝදරයා

නිදහස් සෞඛ්‍යක් දිනා ගැනීමට පෙළගැසෙමු.
සෞඛ්‍ය යනු කුමක් ද?
නිදහස් සෞඛ්‍ය යනු කුමක් ද?
එය දිනා ගැනීමට පෙළ ගැසීිමට සිදු වී ඇත්තේ ඇයි?
පූර්ණ සෞඛ්‍යක් යනු සරලව අප සිතන ලෙඩ වූ විට රෝහලට ගොස් බෙහෙත් ගැනීම, වෙදමහත්තයකු හෝ වෛද්‍යවරයකු හමුවීම නොවේ. පූර්ණ සෞඛ්‍ය යනු කායික සෞඛ්‍යට එහා ගිය අපට අහිමි කරන ලද මානසික, සමාජීය වශයෙන්ද පූර්ණ වීමයි.
අලෙවි කරන ලද කලාව තුළ විඩාවට පත් වන මනස, අපි හිතන විදිහ දැන විදිහ ඒ නිදයස අපිට අහිමි කරලා  තියෙනවා. ඒ තුළ මානසික සමාජීය නිදහස නැති කර තිබෙනවා.
අපිට අද වෙනකොට ඇසිඞ් මිශ‍්‍ර කළ ජලය පානය කිරීමට සිදුව තිබෙනවා, වස විස යොදා ඉදවන ලද එලව`ඵ පළතුරු කෑමට සිදු වෙලා තිබෙනවා, අපි කැමති වුනත් අකමැති වුනත් බ්ලූමැන්ඩල්, කොලොනනාව ප‍්‍රදේශවල කුණු ක`දු වල දු`ගද ඉවසීමට සිදු වී තිබෙනවා, ඉන් අපට පිරිසිදු හුස්ම ටිකක් ගැනීමට ඇති අයිතිය පවා අහිමි කරලා තිබෙනවා. එමෙන්ම අපි දන්නව රජරට ප‍්‍රදේශයේ නොයෙක් සමාගම් ම`ගින් ගෙන්වන පැරකොට් ග්ලයිහුසෙඞ් වැනි වසවිස නිසාවෙන් අද ගොවීන්ගෙන් 25% පමණ වකුගඩු රෝගයට ගොදුරු වෙලා තියෙනවා.
මෙවන් තත්වයක් තුළ අපට පෙනෙන දෙයක් තමයි අද වතුර ටිකක් බිව්වත්, මොනා කෑවත්, කිරිපිටි බිව්වත් ලෙඩ. අද බය නැතුව කෑම ටිකක් කන එක පවා ප‍්‍රශ්නාර්ථයක් කරලා තියෙනවා. මේ නිසා අද සෞඛ්‍ය කියන එක ඇතුලෙ අර්බුදයක් පේනවා.
මේ සිය`ඵම හේතුන් නිසා අවසානයෙදි ලෙඩ වෙලා දෛනික වැඩ ටික කර ගන්න බැරි වුනාම සෞඛ්‍ය සේවාව කියන එක සපයන කෙනෙක් සොයා යෑමට සිදු වෙනවා. සමාජයට නීරෝගි ජීවත් වීම කියන ඒ අයිතිය තහවුරු කිරීමට සිටින පිරිසක් වන්නේ හෙදියන්, වෛද්‍යවරුන් වැනි සෞඛ්‍ය සෙවකයන්. එම නිසා මෙම පිරිස නිර්මාණය කිරීම ඉතා වැදගත්. නමුත් එහි අරමුණු විය යුත්තේ තමන්ට ඉගෙන ගැනීමට උපකාර වූ මහජනතාවගේ ලෙඩ දුක් හමුවේ ඔවුන්ට සේවය කිරීමයි.
නමුත් 1980 පසු ලංකාවේ රෝගීන් වර්ග දෙකක් නිර්මාණය වුණා මුදල් ගෙවන රෝගීන් හා මුදල් නොගෙවන රෝගීන් ලෙස. අද වෙනකොට නිර්මානය කිරීමට උත්සාහ කරමින් පවතිනවා මුදල් ගෙවා ඉගෙන ගන්නා වූ වෛද්‍ය ශිෂයන් හා මුදල් නොගෙවා ඉගෙන ගන්නා වෛද්‍ය ශිෂ්‍යයන් ලෙසට. මුදල් ගෙවා ඉගෙන ගැනීම තුළ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයේ මූලික අරමුණ වූ නිදහස් සෞඛ්‍යක් යන්න ඉෂ්ඨ වන්නේ නැත. මෙම සේවාව මුදල මත පදනම් වූ විට තවදුරටත් එය සේවාවක් නොවේ. එම නිසා සමාජීය අරමුණ ඉන් ඉවත් වෙනවා. මීට නිදසුන් ලෙස මාලඹේ පෞද්ගලීක විශ්වවිද්‍යාලය.
ඇයි පෞද්ගලීක විශ්වවිද්‍යාලයක් යෝග්‍ය නොවන්නේ?
අද ඇතැමෙක් පවසනවා සල්ලි තියෙන අයට ගෙවලා ඉගෙන ගන්න තියෙන්න  ඕන බවයි.
නමුත් අපට තියෙන ප‍්‍රශ්ණෙ ලක්ෂ 120 දීලා වෛද්‍යවරයෙක් වීමට උත්සාහා කරන්නේ සේවයක් සැපයීමටමද යන්නයි. මාලඹෙන් එන සේවකයා අපේ රටේ ජනතාවට නිදහස් සෞඛ්‍යක් දෙයිද?
මෙම මාලඹේ වෙද්‍ය විද්‍යාලය ආරම්භ කරන්නේ නීති විරෝධීව පමණක් නොවේ අසත්‍ය ප‍්‍රචාරයන්ද ගෙනමින්ය. වෛද්‍ය සභාවේ අනුමැතිය ඇති බවත් රුසියාව හා ඒකාබද්ද බවත් වැනි බොරු ප‍්‍රචාරයන් බොහෝමයක් ගෙන යනු ලැබුවා. මීට රුවටුණු සිසුන් අද වන විට කඩුවෙල උසාවියේ එහි අයිතිකරු වූ නෙවිල් ප‍්‍රනාන්දු මහතාට විරුද්ධව නඩු 6ක් ගොනු කරලා තියෙනවා. පහුගිය සමයන්හි හිටපු සක්විති වැනි මුදල් ගසා කන්නෙක් වූ මොහු ශිෂ්‍යන් රවටා ලක්ෂ 65 ගණනේ එකතු කර ඇත. 2014 අගොස්තු මාසයේ දී හිටපු සෞඛ්‍ය ඇමතිගේ ලේඛම් ජයවර්ධනපුර සරසවියේ උපකුලපතිගේ බිරිඳ වූ කරුණාරත්න මහත්මියගේ අත්සනින් යුතුව ලිපියක් ලියනවා මාලඹේ විද්‍යාලයට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට අප එක`ග යැයි ප‍්‍රකාශ කරමින්. නෙවිල් ප‍්‍රනාන්දු මහත්තයට සල්ලි එකතු කර ගන්න රජයේ රෝහල් වල ඉන්න අහින්සක රොගීන්ව සපයනවා පරීක්ෂණ නියැඳි විදියට සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ දේවල් ශිෂ්‍ය සටන් වලින් නවත්වා ගත්තත් තවමත් එම තර්ජනය අපට තියෙනවා. ඉන්පසු කෙසේ හෝ ශිෂ්‍යයකු බිහි කිරීමේ අරමුණින් නෙවිල් ප‍්‍රනාන්දු මහතා තමන් විසින්ම ශික්ෂන රෝහලක් යැයි හඳුන්වා ගත් ලංකාවේ රජය විසින් අනුමත නොකරන ලද රෝහලක් ඉදිකර අඩු මුදලට බෙහෙත් දෙනබව පවසිමින් රෝගීන් ඇදගන්නා ඇමක් යොදමින් ඇතැම් උසස් පෙළ පවා අසමත් ශිෂ්‍යයන් පුහුණුකිරීමට උත්සාහ කිරීමයි. එම රෝහලේ දින 4ක් තිස්සේ දරුවෙක් ඩෙංගු රෝගය හේතුවෙන් රෝගාතුරව සිටිනවා, එම දරුවාව රජයේ රෝහලකට මාරු කර යවන්නේ නැහැ, එම දරුවා මිය යනවා. ඉන් අනතුරුව 470000 මුදලක් අයකරනවා.
එමෙන්ම ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කරනවා අවශ්‍ය සිය`ඵම පරීක්ෂණාගාර, පරිඝණක, විද්‍යාගාර, සිය`ඵම තාක්ෂණ පමණක් නොව අවශ්‍ය මෘත ශරීර 50ක් තියෙන බව. කොහොමද ලාබ අරමුණු කර ගෙන යම් දෙයක් විකුණන පෞද්ගලීක ආයතනයක මල සිරුරු තියෙන්නේ? කවුද මේවා සපයන්නේ? ලංකාවේ පවතින සුසාන භූමි ආඥා පණතට අනුව එසේ මල සිරුරු තබා ගැනීම තහනම්. එසේ නම් ඒ මල සිරුරු කාගෙද? පහුගිය සමයේ සුදු වෑන් වලින් අතුරුදහන් කෙරුණු අයගේද? මෙය විශාල ගැට`ඵවකි.
එමෙන්ම මෙම පෞද්ගලීක රෝහල්වල සිදුවන අවයව වෙළඳාම, එක් අවස්ථාවක රෝගියෙක් පෞද්ගලීක රෝහලකින් උදරයේ සැත්කමක් කරනවා, කලකට පසු ඔහුට වකුගඩු ආබාදයක් ඇතිවී රෝහල් ගත වූ විටයි ඔහු දැනගන්නේ තමන්ගේ එක වකුගඩුවක් අඩුබව.
අද ලංකාවේ ප‍්‍රධාන නගර සියල්ලකම පාහේ තිබෙන රෝහල්වලට අවශ්‍ය හෙදියන් එම රෝහල්වලම නිපදවා ගන්නවා. එම හෙදියන් පුහුණු කරන්නේ කවුද? ඔවුන් අවශ්‍ය පුහුණු ලබා තිබේද යන්න කිසිදු සොයා බැලීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්වත් කෙරෙන්නේ නැහැ. එම හෙදියන් ලේ ගන්නවා, රසායනාගාරවල වැඩ කරනවා රෝගීන්ගේ ජීවිත මේ නිසා අවධානමට ලක් වෙනවා.
මෙම ප‍්‍රශ්ණ විසඳගැනීමේදී අපට විශාල අර්බුදයන්ට ලක් වීමට සිදු වෙනවා.
වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා සල්ලි තියෙන අයට ගන්න තිබීම අවශ්‍ය බව, ඒ අනුව ඔහු පවසන්නේ අධ්‍යෘපනය වුවත් සෞඛ්‍ය වුවත් මුදල් දී ගන්න අය ඉන්නව නම් ගන්න තියෙන්න  ඕන, විකුණන්න අය ඉන්නවනම් විකිණීමටද දිය යුතු බවයි.
අපට පැහැදිලි අද වන විට අපට නිදහසේ හුස්ම ගැනීමේ පටන් නිදහස් සෞඛ්‍ය අයිතීන් අහිමි කරලා තියෙනවා. අප නැවත එය සේවයක් ලෙස යතා තත්වයට පිහිටුවා අප රටේ අහින්සක මිනිසුන්ට හිමි කරලා දිය යුතුයි
අපට තියෙනව අභියෝගයක්, අය නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහස හා එහි සම අයිතිය දිනා ගැනීමට එහා ගිය නිදහස් සෞඛ්‍ය කියන නිශ්චිත කාරණයෙන් එහා ගියපු පොදු සමාජ අරගලයක් තියෙනවා. ඒ පු`ඵල් සමාජ අරගලයට එක්වෙමු. නිදහස් සෞඛ්‍යක් දිනා ගනිමු. ඒ වෙනුවෙන් සටන් කරමු.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය වෙනුවෙන්
අදහස් දැක්වූ  රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේඛම් අජිත් පී. පෙරේරා සහෝදරයා

අද වන විට ජාතික ෙඖෂධ ප‍්‍රතිත්තියක් පිළිබඳව කතිකාවතක් ගෙනල්ලා තියෙනවා, මීට වසර 40-45කට පෙර ආචාර්ය සේනක බිබිලේ යෝජනා කරනවා මේ රටේ පාලකයන්ට ජාතික ෙඖෂධ ප‍්‍රතිපත්තියක් මේ රටට අවශ්‍ය බව, ඔහු ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද මෙම යොජනාව ගෙනාවේය. ජාතික ෙඖෂධ ප‍්‍රතිපත්තියක් ෙඖෂධීය නාමයෙන් ෙඖෂධ මිලදී ගැනීමේ අයිතිය මහජනතාවට හිමි කර දීම වෙනුවෙන් අරගලකල ආචාරය සේනක බිබිලේට එම අරගලය අවසන් කිරීමට සිදු වූයේ තම ජීවිතයද අවසන් කරමිනි. ඔහු ආරම්භ කළ එම සටන අදටත් එසේම පවතිනවා.
මෙම පවතින විවෘත ආර්ථිකය තුළ තවමත් මෙය නීතිගත කර ගත නොහැකිව තිබෙනවා.
ජාතික ෙඖෂධ ප‍්‍රතිපත්තියක් මේ රටට අවශ්‍ය වන්නේ් ඇයි?
වෙළඳපලකින්  ඕනෑම වෙළඳ භාණ්ඩයක් මිලදී ගැනීමෙදී එහි මිල පිළිබඳ අදහසක් තිබිය යුතුයි. එමෙන්ම එය මිලදී ගැනීමේ අදහසක් තිබෙනවා. නමුත් ෙඖෂධයක් එසේ නොවේ. එය අපට යෝජනා කරන්නේ වෙනත් වෘත්තිකයෙකි. අප වෙළඳපළට යන්නේ එම ෙඖෂධයේ මිල, ක‍්‍රියාකාරිත්වය, වැනි කිසිවක් ගැන අදහසක් නැතිවය. එම නිසා ෙඖෂධ අපට නිර්දේශ කරන්නන් හා අළෙවි කරන්නන් අපව රවටා වෙනත්, ප‍්‍රතිකාරයට එහා ගිය අරමුණු මුදුන්පත් කොට ගෙන ෙඖෂධ ජාතික හා ජාත්‍යන්තර මාෆියාවක් බවට පත් කර ගෙන සිටිනවා. ෙඖෂධීය නාමයෙන් රුපියලට දෙකට මිලදී ගත හැකි ෙඖෂධ, වෙළඳ නාමයෙන් 40-45ට මිලදී ගැනීමට සිදුව තිබෙනවා. මේක තමයි ෙඖෂධ මාෆියාව, මීට විරුද්ධව ප‍්‍රතිපත්ති සැකසිය යුතුයි.
අද ෙඖෂධ ප‍්‍රතිපත්තිය නිසිලෙස ක‍්‍රියාත්මක නොවේ. ෙඖෂධ වල ගුණාත්මක භාවය පිළිබඳ බොහෝ ගැට`ඵ ඇතිවී තිබේ.
අප රටේ ෙඖෂධ වල තත්වය පරික්ෂා කිරීමට ඇත්තේ එක් රසායනාගාරයක් පමණි. ඒ සඳහා වසරකට මිලියන 500ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කරනු ලබයි. භෞතික සම්පත් බොහෝමයක් තිබුණද සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව තුළින් නිපදවන වෘත්තිකයන්ගේ කුසලතාව මෙම ෙඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර වලට නොගනී. එසේ නම් කොහොමද මෙම තත්ව පරීක්ෂණාගාර වලින් මෙම කටයුතු සිදුවන්නේ?
එසේම අද බාහිර ඔසුසල්වල ලියාපදිංචි කරන ලද ඒවාද? ඒවයේ විකුණනු ලබන ෙඖෂධ මොනවාද? ඒවායෙන් ෙඖෂධ නිකුත් කරනු ලබන්නේ බෙහෙත් තුන්ඩුවලටද? වැනි ප‍්‍රශ්ණ රැුසක් ඇත. අද වෙනකොට අධික වේදනාවන් සඳහා භාවිතා කරන ෙඖෂධ මේ රටේ තරුණයන් මත් ගතිය ඇතිවීමට භාවිතා කරනවා. මෙම ෙඖෂධ බාහිර ඔසුසල්වලින් නිදහසේ මිලදී ගත හැකි.
දිගින් දිගටම මේ පිළිබඳ වෘත්තීය සංගම් මාර්ගයෙන් පරිපාලනයට දැන්වුවද ඔවුන් මුනිවත රකිමන් සිටිනවා. මෙවන් තත්වයක් තුළ කොහොමද නිදහස් සෞඛ්‍යක් ඇති වන්නේ?
අද සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ වෛද්‍යවරුන්ගේ ආධිපත්‍යයක් ඇතිවී තිබෙනවා. මේ නිසා අනෙක් වෘත්තිකයන්ගේ සේවය රෝගීන්ට ලබා ගත නොහැකි තත්වයක් ඇතිවී තිබෙනවා.
අද රටේ සෞඛ්‍යට වෙන් කරන මුදලෙන් 80%ක් පමණ වෙන් කරන්නේ ප‍්‍රතිකාර සඳහායි. නමුත් විය යුත්තේ වැඩි අවධානයක් රෝග නිවාරණය සඳහා යෙදවීමයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ යුත්තේ රෝග සුව කිරීමද, එසේත් නැත්නම් රෝග ඇතිවීම වැලැක්වීමද  යන්න අපට ගැට`ඵවකි. මේ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වන බවක් අපට පෙනෙන්නට නැහැ. මේ නිසා තමයි අද අපේ රටේ මහජනයා දහස් ගණනින් ඩෙංගු නිසා, රජරට වකුගඩු රෝග නිසා, දුම් පානය නිසා මැරෙන්නේ.
අද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් තැබූ පියවර ඉතාම කාලෝචිතයි. හෙට දවසේ ඔබ කරන අරගලයට වෘත්තීය සංගම්වල දායකත්වය අප ලබා දෙනවා
.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා

අද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අප මෙම සාකච්ඡුාව කැදෙව්වේ අධ්‍යාපනයේ ප‍්‍රශ්ණ විසදිලා ඉවර නිසාවත්, දැන් කරන්න දෙයක් නැති නිසාවත් නොවේ. ඇත්ත වශයෙන්ම මෙම සාකච්ඡුාව අප මැතිවරණයට පෙර පැවැත්වීමට සැලසුම් කළ එකක් වුවත් අපට එල්ල වූ නොයෙක් බාධා හමුවේ දෙසැම්බර් මස එය පැවැත්වීමට නොහැකි විය. නිදසුනක් විදිහට අපි මේ සම්මණ්ත‍්‍රනය පැවැත්වීමට ශාලා වෙන් කරලා, දින නියම කරගෙන, පෝස්ටර් සකස් කරලා සිය`ඵම කටයුතු සූදානම් කළ පසු දින දෙකකට කලින් ශාලාව දෙන්න බැහැ රජයේ ඉහල තැනකින් ශාලාව දෙන්න එපා කියලා නියෝග කරලා තියෙනවා.
නිදහස් සෞඛ්‍යයක් යන සටන් පාඨය ශිෂ්‍ය ව්‍යාපාරය විධියට අපි යොදා ගත්තේ සම සෞඛ්‍ය උපාධිය රැුක ගැනීමේ අරගලයෙදි. එවිට අපේ ජීවිත අද්දැකීම ඇතුලේ ජනතාවගේ එදිනෙදා ජීවිත අද්දැකීම්  තුළ නිදහස් සෞඛ්‍යයක් අවශ්‍ය යැයි දැනෙමින් තිබුණා, දැනෙමින් තියෙනවා. මේ සියල්ල මෙසේ දැනෙමින් තියෙද්දී පසුපසින් තිබෙන්නේ ඒ සඳහා වූ සමාජයේ කි‍්‍රයාකාරීත්වය.
අපි සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කරද්දි අපි සාකච්ඡුාවට ගැණුනා ඒ උපාධි කප්පාදුවෙන් එහා ගිය සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් තියෙන ප‍්‍රශ්ණයට මෙය සම්බන්ධ කළ යුතු බව. එම නිසා තමයි අපි නිදහස් සෞඛ්‍ය දිනාගනිමු. සිව් අවුරුදු සමසෞඛ්‍ය උපාධිය රැුක ගමීමට පෙළගැසෙමු කියන සටන් පාඨය ගෙනාවේ. ඒ තුළින් සමාජයෙ ඒ පිළිබඳ යම් තරමකින් සාකච්ඡුාවක් ඇති කිරීමට අපි උත්සහයක් ගත්තා. ඒ අනුව අපට වෘත්තීය සමිතිවල සහෝදර සහෝදරියන් වැඩි පිරිසක් අපිට සමීපව වැඩ කරන්නට ගත්තේ. එම නිසා එහි සාර්ථකත්වයක් තිබෙනවා. සමසෞඛ්‍ය අරගලය ජයග‍්‍රහණය කළ අවස්ථාවේම අපි තීරණය කළා මෙය ඉදිරියට ගෙන යන බවට.
ඇයි අපි නිදහස් සෞඛ්‍ය සේවයක් දිනා ගනිමු කියන්නේ??
මොකද අපේ රටේ පාලකයන්ට හා ඔවුන්ගේ මතවල සිටින අයට අනුව ලංකාවේ තවමත් තියෙන්නේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයක්, නිදහස් අධ්‍යාපනයක්. මේවයෙ නම වෙනස් කරලා නැහැ. පහු ගිය රාජපක්ෂ ආණ්ඩුව කාලේ අපි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරද්දී සිසුන්ට ප‍්‍රහාර එල්ල කරලා, ශිෂ්‍යබාවය අහෝසි කරල, මර්ධනය ගෙනල්ලා, අධ්‍යාපනය විකුණන්න සැලසුම් හදපු රාජපක්ෂ මහතා අවසාන මතිවරණයෙදිත් වේදිකාවට නැගලා පපුවට ගහගනිමින් කියනවා නිදහස් අධ්‍යාපනය දිවි හිමියෙන් සුරකිමි කියලා. ඔවුන් කවදාවත් ජනතාව ඉස්සරහට ඇවිත් කියන්නෙ නැහැ දැන් නිදහස් අධ්‍යාපනේ කාලේ ඉවරයි දැන් තියෙන්නෙ ඒක නෙවෙයි කියලා. සෞඛ්‍ය සම්බන්ධයෙනුත් තත්වය එසේමයි.
නමුත් ගැට`ඵව තියෙන්නෙ මේ වචන වල නෙවෙයි. ගැට`ඵව තියෙන්නෙ සැබෑ ලෙස මේ සමාජයේ අධ්‍යපනය දිශාගත වෙමින් තියෙන්නෙ කොහෙටද? මේ රටේ තිබෙන සෞඛ්‍ය සේවා ක‍්‍රමේ කුමක්ද? සැබෑ ලෙස මේ සමාජයේ සෞඛ්‍ය දිශාගත වෙමින් තියෙන්නෙ කොහෙටද? කියන එකෙයි. එක දවසකට හරි යම් සෞඛ්‍යමය ආබාදයකට ලක් වෙච්ච කෙනෙක් දන්නව අපේ රටේ සෞඛ්‍ය කොහොමද කියලා.
අපි දන්නවා සමාජය මූලිකම අවශ්‍යතා සැලකූ විට ඒ සියල්ල තුළින් සමාජයක මිනිසුන්ගේ කායිකව, මානසිකව, අධ්‍යාත්මිකව පිරිපුන් මිනිසුන් වන්නට උත්සහයක් තිබිය යුතුයි. මානව ඉතිහාසය පුරාවට මෙම තත්ත්වය ආරක්ෂාකර ගැනීමට නිර්මාණය කළ නිර්මාණය කර ගත් විශෘල ශ‍්‍රමයක් දැනුම් සම්භාරයක් යටතේ එකතු කරගත් සෞඛ්‍ය සේවාවක් විධියට එය අද ලොව පුරා සංවිධානය වෙලා තියෙනවා. අධ්‍යාපනයත් එහෙමයි.
සෞඛ්‍ය හා අධ්‍යාපනය කියන ක්ෂේත‍්‍ර දෙක ගත් විට ඒවා තවත් කෂේත‍්‍ර දෙකක් නොවේ. මේවා සමාජයේ මූලික අවශ්‍යතාවයන් වේ. අනිවාර්‍යයෙන් සිය`ඵ දෙනාට අයිතියක් වශයෙන් ලැබිය යුතු දෙයක් වේ. එසේ නොවී සමාජයකට පවතින්න බැහැ. ඉදිරියට යන්න බැහැ. අද මෙ තියෙන තත්ත්වයට සෞඛ්‍ය ගෙන එන්න මානව ඉතිහාසය පුරාවට එකතු කර ගත් දෙවල් වලින්, බෙහෙත් වර්ග විස වර්ග සොයා ගත්තේ මිනිස්සුන්ගෙ ජීවිත මතින් විශාල පරීක්ෂණ කරමිනුයි. එම නිසා සෞඛ්‍ය සේවය මගේ කොටස කියල අරගෙන බෙදල වෙන්කරල ලාභ උපයන්න දෙන්න බැහැ. සමාජයක සෞඛ්‍ය හෝ අධ්‍යාපනය කිසිසේත්ම වෙළඳ භාණ්ඩයක් කරන්න දෙන්න බැහැ. එය සිය`ඵ දෙනාටම ලැබිය යුතු අයිතියක්. එම නිසා තමයි අපි පුන පුනා මේ දේවල් සඳහා සටන් කළ යුතු  බව කියන්නේ.
මේ දේ්වල් මෙ විධියට කාට වුණත් කියන්න පු`ඵවන්. නමුත් අපට තියෙන ප‍්‍රශ්ණෙ මේවා ක‍්‍රියාත්මක වන්නෙ කොහොමද කියන එකයි. ඒකයි අපි මුහුණ දෙන තත්ත්වය. මීට සති දෙකකට පෙර මැතිවරණයට පෙර යුගයේ අපි දැක්කා පෞද්ගලීක විශ්වවිද්‍යාල ඉදිකරමින්, රජයේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා විකුණමින් පාසල් තුළ මුදල් අයකරමින්, මානව ශාස්ත‍්‍ර විෂයන් කප්පාදු කරමින් රැුකියා අවස්ථා කියමින් සමස්ථ අධ්‍යාපනය හකුලමින්, කඩයකින් බඩු ගන්නවා වගේ ලක්ෂ ගණන් වලට උපාධි විකුණමින් රජය හැසිරුණ ආකාරය. ඊට විරුද්ධව තමයි අපි සටන් කළේ. එවිට අපිට මර්ධනය ගෙනාවා. පහර දීම්, සිර ගත වීම් කළේ. අදටත් මේවා ඒ විධීයටම තියෙනවා. නිදසුනක් විධියට අ.වි.ශි.බ.ම. හිටපු කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයාට අදටත් ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙකු විධියට විශ්වවිද්‍යාල තුළට යෑම තහනම් කරලා තියෙනවා.
අද අපි බස් එකකට නැග්ගොත් අවම වශයෙන් එක්කෙනෙක් හරි හම්බ වෙනවා කිසියම් රෝගයකින් පෙළෙන බව සඳහන් කරමින් මුදල් එකතු කරන. මීට වසර 10කට පෙර එහෙම වුණේ නෑ. මේ අය බොරුවක් කරන්නේ කියල හිත හදා ගන්න අපට පු`ඵවන් කමක් නෑ. මොකද මෙහෙම තර්කානුකූලව ඉදිරිපත් කිරීමට සමාජයේ වටපිටාවක් හැදිලා තියෙනවා. එය ඇත්තක් වෙච්ච සමාජයක තමයි මෙහෙම බොරුවට හරි මුදල් ඉල්ලනනෙ.
ලංකාවේ හෘද සැත්කමක් කිරීමට දිග පෝලිම් ලයිස්තුවක ඉන්න  ඕන. අද සැත්කම නියම කරන කෙනාට තව මාසයක් ඉන්න වෙනවා සැත්කම කර ගන්න. ඒ අතර තුර බොහෝ දෙනා වයස 35,40,50 වෙනකොට මැරෙනවා. ඒකට පහුගිය රජයෙන් විකල්පයක් දීල තියෙනව. විකල්පය තමයි රජයේ රෝහල් ඉස්සරහ හදල තියෙනව පෞද්ගලික රෝහල්, සැත්කම් පෝලිමේ ඉන්න අකමැතිනම්, ලක්ෂ 10-15ක් අතේ තියෙනව නම් මැරෙන අවධානම නොගෙන දවස් දෙකෙන් සැත්කම කර ගන්න පු`ඵවන්. නමුත් ප‍්‍රශ්ණෙ තියෙන්නෙ එච්චර මුදලක් අතේ නැත්තන් අර පෝලිමේ ඉද්දි මැරෙනවා.
අධ්‍යාපනය සෞඛ්‍ය කියන්නෙ මුදල් නැතන් අත්හරින්න පු`ඵවන් දෙයක් නෙවෙයි. මේවා කරන්න බැරිනම් මැරෙන්න වෙනවා. ඒක තීරණය වෙනනෙ මුදල මත. එහෙම තත්ත්වෙකට පත් වෙලා තියෙන සමාජය තුළ කවුරු හරි තවමත් කියනවනම් මේ රටෙ නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙනව කියලා ඒක විහි`ඵවක්. සීමිතව අමාරුවෙන් පණනළ ගැට ගහගෙන සෞඛ්‍ය සේවකයන් වෛද්‍යවරයන් ඇතු`ඵ සිය`ඵදෙනා එක්ව ඇදගෙන යන සේවයක් තියෙනව.
රෝහල් ගතව ඉන්න විට යම් පරීක්ෂණ කිරීමට පෞද්ගලීක රසායනාගාර වලට යෑමට සිදු වෙනව. නව රජය තුළ තත්වයත් එහෙම්මම පවතිනව. දැනට සිදුවී ඇති දේ දිහා බැලූ විට අපිට පැහැදිලි වෙන දිශනුතියක් තියෙනව. නිදසුනක් විධියට අපි පහුගිය කාළෙ කළ අරගල එස්. බී. දිසානායක මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා සම`ග කළ අරගලයක් වේ. ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්ණයක් වෙනුවෙන් කළ අරගලයක්. එම ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්ණය තමයි ඔවුන් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය වුණේ අධ්‍යාපනය විකිණම. ඒ වෙනුවෙන් තමයි හැමදේම තීරණය කළේ. අපි විරුද්ධ වුණේ එම ප‍්‍රත්පත්තියටයි. දැන් නව පාලකයන් පත්වෙලා, නව උසස් අධ්‍යාපන ඇමති කෙනෙක් පත් වෙලා තියෙනව. කට්ටියට කැමතිනම් ෂතුටු වෙන්න පු`ඵවන් මෙයා එස්.බී. දිසානායක වගේ කැත වචන කියන්නෙ නෑ කියල. නමුත් අපට තියෙන ප‍්‍රශ්්ණ ඒක නෙවෙයි. අපේ ප‍්‍රශ්ණය ඔවුන්ගෙ ප‍්‍රතිපත්තිය මොකක්ද කියන එකයි. ඔවුන් සම`ග කළ මාධ්‍ය සාකච්ඡුාවලදි කියනව පහුගිය ආණ්ඩුව කළ පෞද්ගලික විශ්වවිද්‍යාල හොඳයි, රජයේ උපාධිවලට මුදල් අයකිරීම හොඳයි අපි ඒව දිගටම කරගෙන යනව කියල. අපි මේකට විරුද්ධව අරගල කරන පලමු අවස්ථාවෙම මර්ධනය ගේනව. ඒක මේ මාස තුනේ එන්නෙ නැතිවෙන්න පු`ඵවන් මොකද මේ තියෙන්නෙ මැතිවරණයකට පෙර කෙටි කාලයක් නිසාවෙන්. මොවුන් පලහුගිය ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියෙන් එහාට ගිහිල්ලා ශිෂ්‍ය ණය ක‍්‍රමයක් යෝජනා කරල තියෙනව. මෙය සු`ඵවෙන් තකන්න පු`ඵවන් එකක් නෙවේ. කලින් වගේ ගෙවලා නෙමෙයි ණය දීලා උපාධි ගන්න පු`ඵවන් හැමෝටම. ජීවිත කාලෙම මෙ ණය ගෙවන්න  ඕන. මේක අපට නැවුම් විධියට පෙන්නුවට මෙය යුරෝපය තුළ අත් හදා බලපු වසර 20-30 කි‍්‍රයාත්මක කරල මේ වෙන කොට ඊට විරුද්ධ ශිෂ්‍යයො අරගල කරමින් සිටින අසාර්ථක ක‍්‍රමයක්. එය උත්තරයක් නෙවෙයි. එය ශීෂ්‍ය සිය දිවි නසා ගැනීම් වැඩිකළ ශිෂ්‍යයන් ණයකරුවන් කළ ක‍්‍රමයක්.
ඊයෙ දිනයෙ අධ්‍යාපන අමාත්‍යවරය මාධ්‍ය සාපච්ඡුාවකදි කියනව පාසල් වල අනවශ්‍ය මුදල් අය කිරීම නතර කරනව කියලා. පහු ගිය කාලෙත් මුදල් අය කළේ අවශ්‍ය දේවල් වලට තමයි. අනවශ්‍ය දේවල් වලට මුදල් අය කරල නැහැ. ඔහු පැහැදිලිව කියන්නේ නැහැ පාසල් වලින් මුදල් අය කිරීම නවත්වනව කියල. ඒ කියන්නෙ මෙතෙක් කළ සිය`ඵම අය කිරීම් ඉදිරියටත් සිදු කරනව කියන එකයි.
ධැන් මේ දිනවල විවෘත විශ්ව විද්‍යාලයේ අඛණඩ සත්‍යග‍්‍රහයක් යනව, සති දෙකකට කලින් එම ස්ථානයට අධ්‍යාපන ඇමතිවරය පැමිණියා. සත්‍යග‍්‍රහයේ මූලිකම කරුණ ගාස්තු අඩු කරවා ගැනීම. මොකද පසුගිය වසර දෙක තුල ගාස්තු 150% කින් වැඩි කරල, සමාසිකයක ගෙවිය යුතු මුදල 18000 සිට 60000 දක්වා වැඩි කරල තියෙනව, මේ නිසා ශිෂ්‍යයන්ට තවදුරටත් ඉගෙන ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්න වෙලා තියෙනව. මෙයිදී අධ්‍යාපන අමාත්‍යවරයා කියනව පංති තහනම් ඉවත් කරන්නම්, ශිෂ්‍ය සංගම් පිහිටුවන්නම් ගාසතු ගැන හිමිහිට කථාකරමු දැනට ඔය අට්ටාලෙ පොඞ්ඩක් අයින් කරගන්න කියල. මේවා අලූත් දේවල් නෙවෙයි.
සෞඛ්‍ය සේවයත් මේ විධියමයි. නිදසුනක් විධියට මීට දින දෙකකට පෙර පොළොන්නරුවෙදී ජනාධිපතිවරයා ප‍්‍රමුක ඇමතිවරු කිහිපදෙනෙක් එකතු වෙලා උත්සවයක් තියල වකුගඩු රෝගින් වේදිකාවට නග්ගල 3000 ගානෙ දෙනව. රජරට දිනපතා 15 විතර මේ රෝගයෙන් මිය යනව, ඒකට විසඳුම 3000 දෙන එකද? නැහැ. අපි මෙම ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිතුමාට ලිපියක් යැව්ව යෝජනා 30ක් සම`ග. එහි ප‍්‍රධාන කරුණක් ලෙ දක්වල ප‍්‍රවේශයන් දෙකක් දුන්න. 1 දැනට හඳුනාගෙන තියෙන එම අහිතකර නිශ්පාදන නිකුත් තරන සමාගම් වලින් හ්වා ගෙන්වීම නවතවා ඒවාට විරුද්ධව කි‍්‍රයා කළ යුතුයි. 2 දැනට පවතින තත්වය අනුව රෝහල් වල මෙම රෝගී තත්ත්වයට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් නැහැ. කෘතිමව ලේ පිරිසිදු කරන යන්ත‍්‍ර සති දෙකක් ඇතුලතවත් ගෙන්වන්න කියල අපි කිව්ව, නමුත් එය ක‍්‍රියාත්මක වුණේ නැහැ. 3000ක් අරගෙන වකුගඩු රෝගීන් වන සෙතක් නැහැ.
දැන් දින 100 වැඩ පිළිවෙල යටතේ ෙඖෂධ ප‍්‍රතිපත්තියක් පෙබරවාරි 06 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනව කියල තියෙනව. අපි එ් දිහා සාධනීයව බලනව. එ් තුළින් නිදහස් සෞඛ්‍යට වැඩක් වෙයි කියල අපි අපේක්ෂා කරනව. නමුත් අද තියෙන තත්ත්වය ගත් විට ගමේ තේ කඬේ ක‍්‍රියාත්මක වන නීතිය වත් ෙඖෂධ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වෙන්නෙ නැහැ. ආණ්ඩුවෙන් නීතියක් පනවල තිබුණා තේ කඩවල පවා මිල දර්ශනය සඳයන් කරන්න කියල. අද එකම ෙඖෂධය රුපියලට දෙකට හැටට සීයට කැමති ගණනකට විකුණන්න පු`ඵවන්. මොකද මේවා ක‍්‍රියාත්මක වෙන්නෙ බහුජාතික සමාගම් වල අවශ්‍යතාවයට. අද ලෝකෙ තුන්වෙනියට වැඩිම ලාබ ලබන්නේ ෙඖෂධ වෙළඳාම, එය නීත්‍යානුකූල වෙළඳාම්වලින් අංක එක. ඇත්තටම ෙඖෂධ මාෆියාවක් වෙලා. මෙම ගේන ෙඖෂධ ප‍්‍රතිපත්තිය අඩුම ගානෙ ආචාර්ය සේනක බිබිලේ ගෙනාව ප‍්‍රතිපත්තිය තරම්වත් විය යුතුයි. පහු ගිය කාළෙ කථා වුණා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙනාව ෙඖෂධ පණතක්, ඒක අතුරුදහන් වුණා. එම ෙඖෂධ පණතෙ තිබුණා ෙඖෂධ සඳහා යන වියදම භාගයක් ආණ්ඩුව දරනව, භාගයක් පරිත්‍යාගශීලින්ගෙන් සපයා ගන්නව කියලා. ෙඖෂධ අධිකාරියක් පිහිටුවීමේදී ඒකෙන් තමයි ෙඖෂධවල හා ෙඖෂධ ගෙන්වන ආතනවල ගුණාත්මක බව තීරණය කරන්නේ නොසුදුසු ඒව තහනම් කරන්නෙ. එම නිසා එයට ස්වාධීනත්වයක් තිබිය යුතුයි. ඉහත කියන පරිදි භාගයක් පරිත්‍යාගශීලින්ගෙන් ගන්නව නම් ෙඖෂධ සමාගම් වලට පරිත්‍යාගශීලින් විය හැකි. එවිට ෙඖෂධ අධීකාරියේ ස්වාධීනත්වය නැතුව යන්වා. මෙවැනි අඩුපාඩු සහිත ෙඖෂධ පණතක් මහජනයාට වැඩක් නැහැ. ෙඖෂධ පණතක් ගේනවනම් ෙඖෂධ සමාගම් අයිතිකරුවන්ගෙන් මහජනතාව විදින පීඩාවට ඉන් විසඳුමක් තිබිය යුතුයි.
නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපන යන දෙකම එකම කාලයකදි ලංකාව තුළ ආරම්භ වුණා. ඒ නිකම් නෙවෙයි. බ‍්‍රිතාන්‍යයන් රට අතහැර ගියායින් පසු සමසමාජ පක්ෂය වැනි එවකට තිබූ කම්කරු පක්ෂ නළ සටන් වල ප‍්‍රතිපලයක් විධිහටයි ඒවා දිනා ගන්නෙ. අනික බි‍්‍රතාන්‍යයන් ගිය පසු ලංකාව තුළ ඉතිරිවෙච් පාලක කොටස්වලට අධ්‍යාපනය, සෞඛ්‍ය මුදල මත ගෙනියන්න පු`ඵවන් පිරිසක් හිටියෙ නැහැ. ඒ සියල්ල මත තමයි ලංකාව තුළ නිදහස් සෞඛ්‍යක් හා නිදහස් අධ්‍යාපනයක් ක‍්‍රියාත්මක වෙන්නෙ.
නමුත් 1977 පස්සෙ විවෘත ආර්ථිකය තුල මේ සියල්ල විකුණන තත්ත්වයක් ඇතිවුණා. ඒ තත්ත්වයට තමයි තවමත් අපි මුහුණ දෙමින් සිටින්නෙ. 70 දශකයේ සිට ගෙන ආ සෑම ප‍්‍රතිපත්තියක්ම ගෙන එන්නෙ අධ්‍යාපනය සෞඛ්‍ය විකිණීම මුල් කරගෙන. මේ මොහොාත් වුවත් කි‍්‍රයාත්මක වන්නේ එම ප‍්‍රතිපත්තියයි.
2008 පසු ලොව පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආචාර්යවරුන් ශිෂ්‍ය ණය ක‍්‍රමය අහෝසි කරන ලෙස අරගල කරනව. එහෙම එකක් තමයි මේ අපට නැවුම් ක‍්‍රමයක් ලෙස ගේන්න හදන්නෙ. එමනිසා මෙම තත්ත්ව අපි හරියාකාරව තේරුම් ගත යුතුයි. සෞඛ්‍ය කෂේත‍්‍රයත් මේ විධියමයි.
අපි මේ ගන්නෙ මේ ප‍්‍රශ්ණෙට ආරම්භයක් විතරයි. නිදහස් සෞඛ්‍යක් දිනා ගැනීමට පෙළ ගැස්මක් අවශ්‍යයි ඊට ආරම්භයක් විධියට තමයි නිදහස් අධ්‍යාපනයක් සඳහා පෙළ ගැසෙමු කියන සටන් පාඨය යටතෙ මෙම සම්මන්ත‍්‍රණය පැවැති වූයෙ.
මෙම කාලය තුළ මේ ඇත්ත අයිතිවාසිකම වෙනුවෙන් මතු කළ යුතු සටන සමාජයෙ හැකි පමණ ඉහළට ඔසවන්න අප සිය`ඵදෙනාට එකතු වෙලා කළ යුතු වගකීමක් තියෙනව, ඒ සඳහා මේ රටේ සිය`ඵම ගොවි කම්කරු ධීවර වෘත්තිය සමිති අනෙකුත් කොටස් මාධ්‍යවේදී හිතවතුන් ඒ කාර්්‍යය සඳහා එකතු වෙන්න ඒ සඳහා උර දෙන්න ආරාධනා කරනව.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>