මෛත්‍රී- රනිල් හවුල් ආණ්ඩුව විසින් මැයි මස 7 වන දින මාලඹේ SAITM ආයතනයට තවත් උපාධි පාඨමාලා දෙකක් ප්රදානය කිරීමට අවසර ලබා දෙමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යා ගෞරව උපාධිය හා යාන්ත්‍ර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යා උපාධිය යන උපාධි දෙක සඳහා වේ. මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ අත්සනින් යුතුවය.