ස්වාමීන්වහන්ස,ආදරණීය සහෝදරයා, සහෝදරිය,
අධ්‍යාපනය විකුණන එකට විරුද්ධව පේරාදෙණියේ ඉඳලා කොළඹට දවස් 5 ක පා ගමනකින් පස්සේ තමයි මේ විදියට ඔබව ආමන්ත‍්‍රණය කරන්නේ .
ඔබ මේ පත‍්‍රිකාව කියවන මොහොත වෙනකොට නැවත වතාවක් මාලඹේ SAITM හොර උපාධි කඩයට සායනික පුහුණුව දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය උසාවියේදී එකඟ වෙලා.ඒ වගේම තමා හවුල් ආණ්ඩුවේ දෙවැනි අය වැය ජනතා විරෝධයන්, සටන් වගේම සටන් පාවාදීම් මැද වැඩි චන්ද 109 කින් සම්මත වුනා.
අයවැයේ මොනවද තිබුනේ?
රනිල් - මෛත‍්‍රී ආණ්ඩුවේ දෙවැනි ය වැයේදී නිශ්චිතවම කියලා තියනවා මේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය නව ලිබරල් ආරථික ප‍්‍රතිපත්තිය කියලා. ඒ අනුව තමා අධ්‍යාපනය විකුණන්නේ, ETF-EPF අරමුදල් එකතු කරලා වෙළඳ පලට මුදාහරින්න හදන්නේ, විශ‍්‍රාම වැටුප අහෝසි කරන්න හදන්නේ, කම්කරු නීති ලිහිල් කරන්නේ, වැඩ කරන පැය ගාන පැය9 ක් දක්වා දීර්ඝ කරන්න යන්නේ, පොහොර සහනාධාරය කප්පාදු කරන්නේ. මේ තියෙන්නේ වෙන මුකුත් නෙවෙයි පහුගිය ආණ්ඩුව කරන්න උත්සාහ කරපු හැබැයි ජනතා විරෝධය හමුවේ කරන්න බැරි වුන යෝජනා.
පහුගිය ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක් කරමින් තමයි යහපාලන ආණ්ඩුව හවුල් ආණ්ඩුව හැදුවේ. හැබැයි මෙවර අය වැයේ දී හවුල් ආණ්ඩුව කියනවා ”පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න පසුගිය ආණ්ඩුව ගත තීරණය ඉතා නිවැරදි දිශාවකට යොමු වුවක්” කියලා.ඒ වගේම තව පෞද්ගලික විශ්වවිද්‍යාල 7 ක් මේ රටට ගේනවා කියලා සෞඛ්‍ය ඇමති රජිත කියනවා. උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති කිරිඇල්ල කියනවා අධ්‍යාපන ක්ෂේත‍්‍රයට පෞද්ගලික අංශයේ දායකත්වය ගන්න පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න අවසර දෙන්න ආණ්ඩුව තීරණය කළා කියලා. දැන් මේ එකකවත් අපේ ඉල්ලීම් නෙවෙයි. මේ රටේ බහුතරයකගේ ඉල්ලිම්වක්වත් නෙවෙයි. හැබැයි විරෝධතා මැද්දේ පාසල් නිල ඇඳුම් රෙද්ද වෙනුවට වවුචර් එක බලෙන්ම ගෙනාවා. ඉස්සරහටත් හැම ප‍්‍රතිසංස්කරණයක්ම ක‍්‍රියාත්මක කරන්න වෙන්නේ බලෙන් තමයි. මොකද ඒවා අපිටවත් සමස්ත සමාජයටත් හිතකර යෝජනා නෙවෙයි. හැබැයි හවුල ආණ්ඩුවක් තියෙන ආණ්ඩුවක් තියෙන නිසා බලෙන් හරි ඒවා ක‍්‍රියාත්මක කරන්න ආණ්ඩුව දෙපාරක් හිතන්නෙත් නෑ. පසුගිය දෙසැම්බර් 15 වෙනිදා අය වැයට විරෝධය පල කරලා දීප ව්‍යාප්තව කරන්න හිටපු වැඩ වර්ජනය අකුලලා දාන්න අතරමඟ එකඟතා වලට වෘත්තීයසමිති නායකයෝ එකඟ කරගන්න ආණ්ඩුව කටයුතු කළා. සමහර වෘත්තීය සමිති නායකයොත් ඒවාට එකඟ වෙලා සටන පාවා දුන්නා.
එහෙනම් නැවතත් ශිෂ්‍ය ව්‍යාපාරයට සිද්ධ වෙනවසටන් කරලා ජයග‍්‍රහණය කරන්න පුළුවන් කියලා සමාජයට පෙන්නන්න. මොකද පහුගිය කාලේ දැඩි මර්දනයක් හමුවේ පවා සම සෞඛ්‍ය, රජරට, ජපුර, කැලණිය, සබරගමුව, සෞන්දර්ය, විවෘත විශ්වවිද්‍යාලෙ අරගලේ වගේම ්‍යභෘ් අරගලයත් ජයග‍්‍රහණයෙන් කෙලවර කරන්නා අපට පුළුවන් වුණා. ඒ නිවැරදි දේශපාලන දැක්මක්,නායක්වත්වක් සහිතව අපි වැඩකරපු නිසයි.
හැබැයි අධ්‍යාපනය, සෞඛ්‍ය විකුණන එක, සහන කපන එක ප‍්‍රතිපත්තිය බවට පත් කර ගත්ත ආණ්ඩුවක් එක්ක හුදකලාව සටන් කරන්න කාටවත් බෑ. එහෙම වුනොත් සටන් මර්දනය කරන්න ආණ්ඩුවට ලේසි වෙනවා. මිනිස්සුන්ගේ ඇත්ත ප‍්‍රශ්න වෙනුවෙන් අවංකව මැදිහත් වෙන, සටන් පාවා නොදෙන බලවේග ඒකරාශී කරන වගකීම අපට තියෙනවා වගේම ඇත්ත සටන් තියන තැන වලට මැදිහත් වෙන එකත් අපිට මඟ හරින්න බැරි වගකීමක්. මාලඹේ SAITM හොර උපාධි කඬේ අහෝසි කිරීම , කොතලාවල,IESL වල උපාධි විකිණීම වගේම අධ්‍යාපන විකුණන ප‍්‍රතිපත්තියත් අහෝසි කිරීම ඉතාම තීරණාත්මක දෙයක් බවට පත් වෙලා තියනවා. ඒ වගේම සියලූ දෙනාගේ අයිතීන් අහෝසි කිරීමට එරෙහිව පොදු අරගලයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවත් දැඩිව තියෙනවා. ඒ නිසා අපිට කල් ගන්න,විවේක ගන්න වෙලාවක් නෑ. ඒ නිසා අපි ඔබට නැවත නැවතත් යෝජනා කරන්නේ එක්වෙමු!සංවිධානය වෙමු! සටන් කරමු!