මීතොටමුල්ල කුණුකන්ද ඉවත් කරන ලෙස පාලකයින්ට බල කරමින් එම ප්‍රදේශයේ ගම්වැසියන් විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට මිට පැය කීපයකට පෙර ආණ්ඩුවේ මැරයන් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.
රටේ සියලුම ජනතාවගේ ගැටලුවලට සවන් දෙමින් ඒවා විසඳන බවටත් රටේ සියලු දෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන බවත් පවසා බලයට පත්වූ මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව ආරම්භයේ පටන්ම ක්‍රියාකළේ ජනතාවගේ ගැටලු විසඳීමට හෝ ජනතා අයිතීන් ආරක්ෂා කිරීමට නොවේ.කලින් පැවති ආණ්ඩුව විසින් මහජනතාවට, ශිෂ්‍යයින්ට එල්ල කළ ප්‍රහාරයන් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට පවා යොදා ගත් වර්තමාන පාලකයින් පැල්වෙහෙර ගොවියන්ට, බඳගිරියේ ප්‍රදේශවාසීන්ට, අයිතීන් වෙනුවෙන් අරගල කළ ශිෂ්‍යයින්ට නින්දිත ලෙස පහර දෙමින් කලින් ආණ්ඩු ගමන් කළ මාර්ගයේම තමනුත් ගමන් කරන බව පසක් කොට ඇත.
ආණ්ඩුව එල්ල කළ මෙම මැර ප්‍රහාරය අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස තරයේ හෙලා දකින අතර අද මීතොටමුල්ලට එල්ල වූ මෙම ප්‍රහාරය අයිතීන් වෙනුවෙන් කෑගසන ඔබ වෙත එල්ල වන දිනය වැඩි ඈතක නොවනු ඇත.