අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු විරාජ් පෙරේරා සහෝදරයා අභාවප්‍රාප්ත වේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙකු වන විරාජ් පෙරේරා සහෝදරයා ඊයේ(23) දින අභාවප්‍රාප්ත විය. එ රෝගාතුර වීමෙනි. මිය යන විට ඔහු පළාත් පාලන කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය. විරාජ් පෙරේරා සහෝදරයාගේ අවසන් කටයුතු හෙට(25) සවස 3ට අනුරාධපුර “නිසල නිම්නය” පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

කැළනිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ උපාධිදාරියෙක් වන ඔහු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ 1992 මැයි සිට 1993 පෙබරවාරි දක්වා  කාල වකවානුව තුල කැඳවුම්කරු ලෙස කටයුතු කර ඇත. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>