ඉන්දියවේ සිසු මර්දනය තවදුරටත්
Tuesday, April 26, 2016
Homo economicus
පසුගිය කාලයේ ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ සිසු නායකයින් කීපදෙනෙකු රජය ද්‍රෝහී චෝදනාව යටතේ අත්තඩන්ගුවට ගැනීමේ සිද්ධිය විශාල මාධ්‍ය අවධානයක් ගත් සිදුවීමක් වුණා.එලෙස නවදිල්ලිහි ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ වර්තමාන සභාපති හිටපු සභාපති ඇතුළු සිසු නායකයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කල බවට චෝදනා නගමින්.කෙසේ වෙතත් ඊට එරෙහිව එල්ල වුනු දැඩි ශිෂ්‍ය විරෝධයත් දහස් ගණනින් රැස් වී සිදුකල ශිෂ්‍ය උද්ඝෝෂණත් හේතුවෙන් පසුව එම සිසු නායකයින් නිදහස් කිරීමට ඉන්ධිය පාලකයින්ට සිදුවුණා.
කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි 09 වනදා පවතී එම උද්ඝෝෂණය සම්බන්ධයෙන් එම ශිෂ්‍ය නායකයින් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙකුට මර්දනය එල්ල කිරීමට ජවහර්ලාල් නේරු සරසවියේ පරිපාලනය කටයුතුකර තිබෙනවා.ඒ අනුව ඊයේ දිනයේ,
උමාර් කාලිඩ් - එක් සමාසිකයක් සඳහා විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිය අත්හිටුවීම සහ ඉන්දීය රුපියල් 20000 ක දඩ මුදලක්
අනිර්බාන් භාට්ටාචාර්ය - මාසයක විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිය අත්හිටුවීමක් සහ අවුරුදු 05 ක විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීම
අශුතොෂ් කුමාර් - වසරක් සඳහා නේවාසිකාගාරයෙන් ඉවත් කිරීම සහ දඩ මුදලක්
කන්නයියා කුමාර් - ඉන්දීය රුපියල් 10000 ක දඩ මුදලක්
මිට අමතරව එක් ශිෂ්‍ය නායිකාවක් ඇතුළු තවත් සිසු ක්‍රියාකාරිකයින් 06 දෙනෙකුට දඩ මුදල් පැනවීමක් සිදුකර තිබෙනවා.
ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සහෝදරයෙකු අපවෙත අදහස් දක්වමින් පවසා සිටියේ මේ වන විට විශ්වවිද්‍යාලයේ නිවාඩු කාලය බවත් විශ්වවිද්‍යාල පරිපාලනය මෙම මර්දන ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිවාඩු කාලය පැමිණෙන තුරු කල්ගත්තේ ශිෂ්‍ය එකමුතුවට බියෙන් බවත්ය.තවද රටපුරා ජනතා සහයෝගය සමග මෙම මර්දන ක්‍රියාමාර්ග වලට එරෙහිව සටන් කරන බවද ඔහු සඳහන් කලා.
මෙම රාජ්‍ය මර්දනයට එරෙහිව හා අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කිරිමට ඉන්දීය ශිෂ්‍ය ව්‍යාපාරය සමසමග අත්වැල් බැඳගැනීමට ලාංකීය ශිෂ්‍ය ව්‍යපාරය ලෙස අප කටයුතු කරනවා.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>