බෝගල පතලේ කම්කරුවන් අඩි 1650 ගැඹුරේ උපවාසයක
Wednesday, May 11, 2016
Lahiru
බෝගල මිනිරන් පතලේ කම්කරුවන් මේ වන විට උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.මෙම මිනිරන් පතලේ කම්කරුවන් 137 දෙනෙකු සේවය කරන අතර මින් 45 දෙනෙක් පතලේ අඩි 1650 ගැඹුරේ පිහිටි පහළම තට්ටුවේ උපවාසයක් ආරම්භ කර ඇත. අනෙක් කම්කරුවෝ වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයේ යෙදෙමින් සිටී. සිය ඉල්ලීම් ලබා දෙන ලෙස මාසයකට අධික කාලයක් තිස්සේ ගෙන විරෝධතාවට එහි පාලන අධිකාරිය විසින් කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වීම මෙම උපවාසයට හේතු වී ඇත.පතල් කම්කරුවන් මෙහිදී ප‍්‍රධාන ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර ඇත.
1. ජනවාරි මාසයේ අත්සන් කළ යුතුව ඇති වාර්ෂික වැටුප් ගිවිසුම් මේ වන තෙක් මෙකී පාලන අධිකාරිය විසින් අත්සන් තබා නැත. කම්කරුවන්ගේ ඉල්ලීම වන්නේ රු.5000 ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසයි.
2. පතලේ පැරණි කම්කරුවන්ට වාර්ශිකව දින 42ක නිවාඩුවක් ලැබුණු අතර මේ වර්ෂයේදී එම නිවාඩු දින ගනන 21 දක්වා හරි අඩකින් කපා ඇත. එලෙස කපා දමා ඇති නිවාඩු 21 නැවත ලබා දෙනු යන්න කම්කරුවන්ගේ දෙවන ඉල්ලීමයි.
3. ගිය වසරට සාපේක්ෂව කම්කරුවන්ට ලබා දුන් නිල ඇඳුම් ආදී සුබසාධනයන් ගණනාවක් මේ වන විට ඔවුනට අහිමි කර ඇත. එකී නිල ඇඳුම් සහ සුබසාධනයන් ලබා දෙන ලෙස බල කිරීම තෙවන ඉල්ලීමයි.
මෙම ඉල්ලීම් පදනම් කරගනිමින් පසුගිය මාසය පුරාම කම්කරුවන් දැනුවත් කිරීම්, රථ පෙළපාලි හා උද්ඝෝෂණ කිහිපයක් සිදු කළත් පාලන අධිකාරිය මෙකී ඉල්ලීම් පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.කම්කරු ඉල්ලීම් ලබා දීමට නොහැකි හේතුව ලෙස මෙම පතල පාඩු පිට පත්වාගෙන යන බව සමාගම පැවසුවත් 2014 වර්ෂයේදී සමාගමේ ගිණුම් වාර්තා අනුව වාර්ෂිකව මිලියන 225ක ලාභයක් සමාගම මෙම පතලෙන් ලබා ඇතැයි වාර්තා වී තිබූ බව කම්කරුවෝ පවසති.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>