"අකුරට වින කල ක්‍රමයට එරෙහිව සිසු ජන අරගලය ගමින් ගමට." තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරනු ලබන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ දිනවල ගම්මාන ඉලක්ක කරගනිමින් පැවැත්වේ.
ඒ අනුව අම්පාර, මහඔය, ටැම්පිටිය ගම්මානයේ දැනුවත් කිරීම් වල නිරත පිරිසට පොලිසියෙන් බාධා එල්ල කර තිබේ. පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ මෙම ක්‍රියාව රාජ්‍ය විරෝධී ක්‍රියාවක් බවත් එම නිසා වහාම පොලිසියට පැමිණෙන ලෙසත්ය. එසේම මේ වන විටත් රජයේ බුද්ධි අංශ නිලධාරීන් අදාළ ප්‍රදේශයේ නිවෙස් හා ආගමික ස්ථාන වෙතට ගොස් දැනුවත් කිරීම් සිදු කරන පිරිස් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පවසමින් මෙම වැඩසටහන් කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරතව සිටි.
මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි කරනු!
පාසල් තුල මුදල් අය කිරීම නීති ගත කිරීමට ගෙන ආ චක්‍රලේඛය අහෝසි කරනු!
සරසවි බඳවා ගැනීම් ඉහල දමනු!
අධ්‍යාපනයට ප්‍රතිපාදන 6% ක් වෙන් කරනු!
යන සටන් පාඨ මුලික කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අධ්‍යාපනය විකිණීමට එරෙහිව ගම කිහිපයක ජනතාව උද්ඝෝෂණ වලද නිරත විය.