රාජ්‍ය විරෝධී වැඩ

විශ්වවිද්‍යාල සහෝදර සහෝදරියන් මේ දින වල සිටින්නේ තමන්ගේ ගම වලය. ඒ විශ්වවිද්‍යාල නිවාඩු නිසා නොව.අධ්‍යාපනය විකිණීමට එරෙහි අරගලය පිලිබඳ ජනතාව දැනුවත් කිරීමට සහ ඊට එරෙහි වීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීම සඳහාය. එම දැනුවත් කිරීම් වල ප්‍රතිපලයක් ලෙස අද(08) වන විට ජනතා උද්ඝෝෂණ 23 ක් සිදු වී හමාරය.
මෙසේ අරගලය ඉදිරියට ගමන් කරද්දී ආණ්ඩුවේ නිල මර්දන යාන්ත්‍රණය සේම නිල නොවන මර්දන යාන්ත්‍රණ හරහා ද මෙකි උත්සාහයට අකුල් හෙලන්නට විය. ආණ්ඩුවේ නොනිල බලවේග වලට මෙම උත්සාහය යනු ආරම්භ කිරීමටත් පෙර කල නොහැක්කක් විය. අන්තරේ ජනතාව අතරට යාම අන්තරේ හුදකලා කිරීමක් ලෙස ඇතැමුන් හැදින්විය. එකී නොකී මෙකි කතන්දර විශාල ප්‍රමාණයක් කියවිණි. මතවාදීව ආණ්ඩුවට සහය දක්වන මෙවැනි කතා අතරතුර ආණ්ඩුවේ නිල මර්දනයද ක්‍රියාත්මක කෙරිණ. ඒ අනුව ගම වලට ගොස් ජනතාව දැනුවත් කරන පිරිස රාජ්‍ය විරෝධීන් ලෙස හංවඩු ගැසීම ආරම්භ වුයේ රජයේ බුද්ධි අංශ නිලධාරීන් ගම වටේ යවමිනි. ඉන් පසු පොලිසිය කෙලින්ම නිවෙස් වලට ගොස් තර්ජනය කරන්නට වුයේ උද්ඝෝෂණ වලට නොයන ලෙසත් එලෙස ගියහොත් එම පුද්ගලයින්  පිලිබඳ ඉහලට තොරතුරු සපයන බවත්ය. අද(08) ගල්ගමුව ප්‍රදේශයේ දැනුවත් කිරීම් සිදු කල සහෝදරියක් හා සහෝදරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය කරුණු දක්වන්නේ අනන්‍යතාව තහවුරු නොකළ බවට චෝදනා කරමිනි. පොලිසියට තොරතුරු දීමෙන් අපේ ආරක්ෂාවට වන්නේ අගතියකි. එ සඳහා  අත්දැකීම් අපට ඕනෑතරම් ඇත. පොලිසියට තොරතුරු දීම ප්‍රතික්ෂේප කිරීමට අපට ඕන තරම් හේතුද ඇත. එසේම ගම වල දැනුවත් කිරීම් සිදු කල සහෝදර සහෝදරියන් දැනුවත් කිරීම් සිදු කලේ අධ්‍යාපනය විකිණීමට විරුද්ධ වීම සම්බන්ධවයි. ආණ්ඩුවට අනුව එය රාජ්‍ය විරෝධී ක්‍රියාවකි. එසේනම් සෞඛ්‍ය විකිණීමට එරෙහි වීමද අයිතීන් ඉල්ලීම රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ය. නමුත් අප සියලු දෙනාට යහපත් ජිවිතයක් ගත කිරීමට නම් සියලු දෙනාට අයිතීන් සමානව හිමි වීම අත්‍යවශ්‍ය කාරණයකි. එසේ නම් එම අයිතීන් ඉල්ලීම රාජ්‍ය විරෝධී ක්‍රියාවක් ලෙස ආණ්ඩුව සලකන්නේ නම් අපට කීමට ඇත්තේ එකම එක දෙයකි ඒ ඔව් අප ඒ රාජ්‍ය විරෝධී ක්‍රියාවන් වල නිරත වන බවයි.
අද අපගෙන් තොරතුරු ඉල්ලා සිටියේ බලහත්කාරයෙනි.නමුත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනතට අනුව අපගේ ඇඟිලි සලකුණු වල සිට සියලු තොරතුරු ලබා ගත හැක. විද්‍යුත් හදුනුපත් ලැබුණු පසුව පොලිසිය අපෙන් තොරතුරු ඉල්ලා කරදර කරන්නේ නැත. ඔබ කොහේ කොතැනක කුමක් කලද ඔබ අපරාද කරුවෙකු බවට පත්කොට අත්අඩංගුවට ගත හැක. මෙරට නීතියට අනුව අයිතීන් ඉල්ලීම අපරාධයක් බව පිළිගෙන හමාරය. SAITM හි තිබී හොර බඩු රහස් පොලිස් භාරයට ගැනින. හොර බඩු අයිතිකාරයට කිසිම අවුලක් නැත. මේ නීතිය එහෙමය. උසාවිය නිහඩය. එ නිහඩ බව කී නිසා උසාවිය නිහඩයි තහනම් කෙරිණ. එසේ නම් දැන් නීතියේ ආධිපත්‍ය ගැන කතා කියූ ඇත්තන් දැන්ද මේ ගැන කතා කිවයුතුය. ඇඟිලි සලකුණු පනතට පාර්ලිමේන්තුවේ කිසිඳු විරෝධයක් එල්ල වුයේ නැත. එසේ නම් හෙට අප සියලු දෙනා ආරක්ෂක අංශ වලට ඇඟිලි සලකුණේ සිට සියල්ල ලබා දිය යුතුය. මේවාට එරෙහි වීම රාජ්‍ය විරෝධී නම්? අප රාජ්‍ය විරෝධී නොවී කුමක් කරන්නද?


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>