කළු පටි විරෝධතාව සාර්ථකයි. ඉදිරියේදී තවත් ජනතාව සම්බන්ද කරගත් ක්‍රියාමාර්ග වලට යනවා.

       මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීම සඳහා බලකරමින් 02/27 දින සංවිධානය කරන ලද කළු පටි විරෝධතාවය ඉතා සාර්ථකව අවසන් කරන්නට හැකි වී තිබේ.රජයේ සහ පුද්ගලික අංශයේ ආයතන දුම්රිය සහ බස් නැවතුම්පළවල් ඉලක්කකරගෙන මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කල අතර දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් මෙම ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබිණි. 
     පසු ගිය කාලය පුරාවට සයිටම් විරෝධී අත්පත්‍රිකාවක් රැගෙන ගිය ජනතාව සයිටම් විරෝධී අරගලයට සක්‍රියව සම්බන්ද කරගැනීමට මෙම ක්‍රියාමාර්ගය හරහා හැකියාව ලැබුණු බවත් ඉදිරියේදීත් අධ්‍යාපනය සවුක්ය විකිනීමට එරෙහිව රටේ පොදු ජනතාව සම්බන්ධ කරගත් දැවැන්ත ක්‍රියාමාර්ග වලට යනබවත් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.























































අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>