රජරට වෑදිය නිල්ලට පෙරගමන් අරඹයි.

    
          රජරට විශ්වවිද්‍යාලයීය කළා අනුකමිටුව විසින් සංවිධානය කරන වෑදිය නිල්ල 2017 කළා උළෙලට සමගාමිව පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇත. ඒ අනුව 2017.03.17 දින මහව කඩවල විද්‍යාලයේදී සංගීතමය හා රසාස්වාද සාකච්ඡාමය වැඩසටහනක් සංවිධානය කර තිබුණි. ඒ වගේම 2017.03.10 දින අනුරාධපුර ආදි ශිෂ්‍ය නායක සංගමය මගින් අනුරාධපුර පාසල් වල ශිෂ්‍ය නායකයන්ට පැවති නායකත්ව පුහුණු වැඩසටහනේදී වෑදිය නිල්ල කලා උළෙලට සමගාමීව ක්‍රියාත්මක වන විවෘත සංගීතමය රසාස්වාද වැඩසටහනහි පළමුවැන්න සමගින් වෑදිය නිල්ල 2017 කළා උළෙලේ පෙරගමන් කටයුතු ආරම්භ කරන ලදී.






















අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>