LUNCH SHEETS ඔබේ මළ බතට පාර කියයි


සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දුශ්‍ය කලා පිඨයේ සිවුවන වසරේ ඉගනුම ලබන ධනුෂ්ක බණ්ඩාර සහෝදරයාගේ සංකල්පයකට අනුව.ව්‍යාපෘතියක් සදහා නිර්මාණය කරන ලද අපුරු නිර්මාණයක් පසුගිය 28 දා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කලා පිඨ පරිශ්‍රයේදී දැකගත හැකි විය. මෙහි අදහස වුයේ LUNCH SHEETS භාවිතයේ ඇතිවන හානිය පිළිබද සමාජය දැනුවත් කිරීමයි.

ලන්ෂිට් නිෂ්පාදීතයේදී ශරීරයට අහිතකර ද්‍රව්‍ය එක්කරන බවත්, සෑම වසරකම පිළිකා රෝගීන් අවම වශයෙන් 15 දෙනෙකුවත් අලුතින් සොයාගන්නා බවත්, දරුවන් අපේක්ෂිතව සායනවලට යන පවුල් 12කින් පවුල් 5ක් වඳ බාවයට පත්වන බවත් වාර්තා වල දැක්‌වේ. 

ලන්ෂිට් නිෂ්පාදනයේදී අනෙක් පොලිතින්වලට වඩා නම්‍යශීලි වීමට විශේෂ රසායනික ද්‍රව්‍යයක් එකතු කරනු ලබයි. මේ හේතුවෙන් ලන්ෂිට් ඕනැම අතකට නැවීමට පොඩි කිරීමට හැකියාව ලැබේ. මෙහි ඇති භයානකම ප්‍රතිපලයනම් මද රස්නයකදී පවා මෙම රසායනික සංයෝග දියවී කැමත් සමග ශරීරයට ඇතුල් වීමයි. එම නිසා වකුගඩු රෝග, පිළිකා, පිරිමි දරුවන් වඳ බාවයට පත්වීම, කාන්ත පියයුරු පිළිකා, මන්ද බුද්ධික දරුවන් බිහිවීම, දරුවන්ගේ මොලය වැඩිම බාල වීම වැනි රෝග වැළදීමේ අවදානමක් පවතී.   

එම නිසා ඔබේ කෑම වේල සදහා ආරක්‍ෂිත භාජනයක් හෝ කෙසෙල් කොලයක කැම රැගෙනයාමට පුරුදුවන ලෙස ඔහුගේ නිර්මාණය හරහා සමාජයට දෙන පණිවිඩය වේ 









අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>