සරසවි බඳවා ගැනීම් ඉහළ දමනු..!
2015/2016 අධ්‍යන වර්ෂයේ පුරප්පාඩු 1300
පාලකයිනි, සරසවි බඳවා ගැනීම් පුරප්පාඩු වහා සම්පුර්ණ කරනු...!
වෙළඳ පොළ උවමනාව මත සිදුකරන ශාස්ත්‍රීය විෂයන් කප්පාදුව නවතනු...!
අධ්‍යාපනයට 6% ප්‍රතිපාදන වෙන්කරනු..!
නිදහස් අධ්‍යපනයත් නිදහස් සෞඛ්‍යයත් දිනාගැනීමට පෙලගැසෙමු...!
යන සටන් පාඨ මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය ඊයේ (28) දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී පවත්වන ලදී. ඒ සදහා විශ්වවිද්‍යාල සිසුන් දහසකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ද වී සිටි අතර ඔවුන් විශ්වවිද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැමිණ එම ස්ථානයේ විරෝධතාවය දක්වන ලදී. එහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වරයා එහි නොසිටි බැවින් උපසභාපතිවරයා සමග සාකච්චාවක් සදහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සහෝදරවරු 10 දෙනෙකුට අවස්ථාව ලැබුණි
එහෙත් එම සාකච්චාව තුලින් නිශ්චිත පිළිතුරක් නොලැබුණු බව අන්තර් විශ්වවිද්‍යලයිය ශිෂ්‍ය බලමඩලයේ කැවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර සිටියේය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය විශ්වවිද්‍යාල සදහා තවත් පුරප්පාඩු රැසක් තිබියෙදී රජය උසස් පෙළ සමත් සිසුන්ට සරසවි අවස්ථා අහිමි කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට දියුණු කිරීමට කුමන්ත්‍රණය කරන බවත්ය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම ගැටළු සදහා නිසි විසදුමක් ඉදිරියේදී නොලැබුනොත් මෙම සටන් පාඨත් නිශ්චිත් සටන් පාඨ කරගනිමින් රටේ සියලූ බලවේග මේසදහා පෙළගැස්සවිමට කටයුතු කරන බවයි.
මෙහිදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් සහෝදය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමිද අදහස් දක්වන ලදී.
අන්තර් විශ්වවිද්‍යලයිය ශිෂ්‍ය බලමඩලයේ කැවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් (VEDIO) https://www.facebook.com/iusfsrilanka/