මාලඹේ සයිටම් අහෝසි කිරීමට බලකරමින් පැවති පාගමනට එල්ලකළ මිලේච්ඡ ප්‍රහාරයට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් ක්‍රියාකාරීන් ගේ සහබාගිත්වයෙන් අද(22) සි.එස්.ආර් ශාලාවේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.
එම අවස්ථාව සදහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ප්‍රගති ගුරු සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ස්වාදීන ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වමේ හඩ යන සංවිධාන සහභාගී විය.
එහිදී පලකල අදහස් පහත වීඩියෝ එක හරහා ඔබට සවන්දිය හැක
https://youtu.be/racaQ2sqbEo