අධ්‍යාපන විකිණීමට එරෙහි වූ සරසවි සිසුන්ට ආණ්ඩුවෙන් තවත් මිලේච්ඡ ප්‍රහාරයක්



මාලබේ සයිට්ම් හොර උපාධි කඩය අහෝසි කිරීමත්, අධ්‍යාපනය සදහා දල දේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කරන ලෙසත්, පාසල් තුල මුදල් අයකිරීම නවතනු ලෙසත් රජයට බලකරමින් ඊයේ (21) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයත් හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත් එක්ව සවිධානය කල පාගමන ඊයේ සවස 02.00ට පමණ සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුළුවිය. එහිදී සිසුන් සෞඛ්‍ය ඇමතිතුමා සමග සාකච්චාවක් ඉල්ලසිටියද ඒසදහා සිසුන්ට අවස්ථාව ලබානොදී පොලිසිය හා කැරලි මර්ධන ඒකකය යොදාගනිමින් සිසුන්ට ඉතා අමානුෂික ලෙස පහර දෙනලදී. එහිදී සරසවි සිසුන් 92 වැඩි ප්‍රමාණයක් රෝහල් ගතකෙරු අතර ඉන් කිහිප දෙනෙකුට බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරසිටි. 

වෛද්‍ය පීඨ 6ක් ඉදිරිපිට දින 500 වැඩි සත්යකග්‍රහ සහ වෛද්‍ය පීඨ  සිසුන් තම අධ්‍යන කටයුතු වලින් ඉවත්වී දින 200කට ආසන්න වී ඇති අවස්ථාවක තවමත් රජය ඒ සදහා නිසි විසදුම් ලබාදීමට අපොහොසත්වී තිබේ. එමගින් පැහැදිලි වන්නේ රටේ බහුතර මහජනතාවට කන්නොදී සුලුතරක් වූ ධනපති පන්තිය වෙනුවෙන් ඔවුන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පෙනීසිටින ආණ්ඩුවක් බව රටේ මහජනතාවට දිනෙන් දින රජයේ මෙවන් ක්‍රියාමාර්ග වලින්  දැකගත හැකිවේ.






















අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>