මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් පසුගිය මස 21 වෙනි දින සිදු කරනු ලැබූ විරෝධතාවයක් මුල් කරගනිමින් අදට දින 42 ක් රක්ෂිත බන්දනාගාර ගතකර සිටින අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරා, අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමන්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇතුළු සිසු ක්‍රියාකාරීන් 5දෙනාගේ සුවදුක් බැලීමට අද(29) සවස සමනලී ෆොන්සේකා, භූපති නලින්, විදර්ශන කන්නන්ගර, මලිත් හැගොඩ, ජගත් මනෝහරන්, සුදත් මාධව ඇතුළු කලාකරුවන් පිරිසක් නව මැගසින් බන්ධනාගාරයට යන ලදී.