රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ සභාපති අත්අඩංගුවට



මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට රජයට බලකරමින් දිවයින පුරා මහජනතාව විසින් පවත්වන විරෝධතා ව්‍යාපාර දිනෙන් දින  දැඩි වෙමින් පවතින මොහොතක රජය එම සයිටම් ගැටලුවට පිළිතුරු දෙනවා වෙනුවට එම විරෝධතා දක්වන වෘත්තීය සමිති, සිසු නායකයින් මර්ධනය කිරීමේ සැලසුමක නිරතවේ. පසුගිය දිනක රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයක් මුල්කරගනිමින් සිසු නායකයින් දඩයම් කරමින් සිටි. දැනට දින කිහිපයකට ඉහත රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ සිවුවන වසරේ සිසුවෙකු මාතර නගරයේදී පැහැර ගැනුණු අතර තවත් සිසුන් සිවුදෙනෙකු පැහැර ගැනීමට අයුධ සන්නද්ධව පැමිණීමේ සිදුවිමක් රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය අසලදී සිදුවිය.  එම සිදුවීමේ දර්ශන අසල තිබු CCTV කැමරාවක් මගින් අපට දැකගත හැකිවිය. 

අද(28) දිනයේද රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ සභාපති වීරසුරිය ආරච්චිගේ ලහිරු සහෝදරයා තම අධ්‍යන කටයුත්තක් සදහා දික්වැල්ල ප්‍රදේශයට ගොස් සිටියේදී දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාතර උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>