සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය පාගමනින් කොළඹට



මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් අද (31) පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඇරඹි පාගමන පළමු දිනය මාවනැල්ල නගරයෙන් අවසන් විය.

සයිටම් අහෝසි කරනු, විශ්‍රාම වැටුප් කප්පාදුව නවතනු. රාජ්‍ය ආයතන විකිණීම නවතනු, ශ්‍රම කොල්ලය තීව්‍ර කරන එට්කා එපා, පාසලතුල මුදල් අයකිරීම නවතනු, සරසවි බඳවා ගැනීම් ඉහල දමනු යන සටන් පාඨ වලින් සමන්විත වූ පාගමන සදහා විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය, වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ඇතුළු දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ද විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඇරඹි දින පහේ පාගමන ලබන 04 වෙනි දින කොළඹ නගරයට ලගා වීමට නියමිතයි.












අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>