ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයෙහි තාක්ෂණික පීඨයයෙහි නවක සහෝදරත්වය පිළිගැනීම උදෙසා නිර්මාණය කරනලද තොරණක් පාදක කරගනිමින් ඇති වූ ගැටලුවට අදාළව 2016 දෙසැම්බර් 6 වන දිනෙන් ඇරඹි පංති තහනම් හා විශ්ව විද්‍යාල භූමි තහනම් 55 ක් එලෙසම පවතිද්දී කිසිදු සහනශීලී ක්‍රියාපිළිවෙතක් විශ්ව විද්‍යාලය පාලනාධිකාරය විසින් අනුගමනය නොකරන කල්හි සිසුන්ට ඔවුන් විසින්ම ඒ සඳහා නිසි විසඳුම් ලබා ගැනීමේ ක්‍රියාමාර්ග සෙවීමට සිදුවිය.
එහිදී සිය ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමේ ක්‍රියා පිළිවෙතක් ලෙස අට්ටාලයක් තුළින් සිසු අයිතීන් දිනාගැනීමේ කටයුත්තට සිසුන් මුල පිරූ අතර මේ වන විටත් එය දින 237ක් ඉක්මවා යමින් සිටින බව සඳහන් කළයුතු අතර ඒ තුළින්ද යම්කිසි මට්ටමේ ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වුවත් ,එම ගැටළුව දීර්ඝ කරමින් දැන් එය නව මුහුණුවරකින් ශිෂ්‍යයන්ට බලපෑම් එල්ල කර ඇත.
මේ ආකාරයෙන් සිසුන් දිගින් දිගටම පාලනාධිකාරය විසින් ගෙනයන අත්තනෝමතික , සිසු මර්දනකාරී ක්‍රියාපිළිවෙත වෙනස් කිරීමට දරන උත්සාහය ව්‍යර්ථ කිරීමේ අභිප්‍රායෙන් විශ්ව විද්‍යාලයීය පරිපාලනය ගත් පියවර වනුයේ 80% ක දේශන සහභාගිත්වය නොමැති බව සඳහන් කරමින් කළමනාකරණ හා වාණිජ පීඨයේ සිසුන් බහුතරයකට සිය විභාග අයිතිය අහිමි කරලීමයි. එහිදී සිසුන් සියලු දෙනාගේම විභාග අයිතිය තහවුරු කරගැනීම උදෙසා 2017 ජුලි 18 වන දින සිට විභාග වර්ජනයක් කරා එළඹි අතර මේ වන විටත් එය මසක කාලයක් ඉක්මවා යමින් තිබේ. මේ සඳහා ද නිසි විසදුමක් නොලත් තැන්හි සිසුන් අම්පාර නගර මධ්‍යයෙහි අඛණ්ඩ සත්‍යග්‍රහයක නියැලෙමින් සිටී. කෙසේ වෙතත් සිසුන් එලෙස සිය විභාග අයිතිය ද නොලබා මහමග සිය අධ්‍යාපන අයිතීන් ඉල්ලා සිටිමින් සත්‍යග්‍රහයෙහි නිරත වෙමින් සිටියදී විශ්ව විද්‍යාල පාලනාධිකාරය විසින් නව අර්ධ අධ්‍යන වර්ෂයට අදාළ අධ්‍යන කටයුතු ආරම්භ කොට ඇති අතර , ඒ තුළින්ද සිසුන් මුහුණ පා ඇත්තේ දැඩී අසීරුතාවයකට බව දැන්විය යුතුය.
කෙසේ වෙතත් සියලු සිසුන්ගේ අධ්‍යාපන අයිතීන්, විභාග අයිතීන් තහවුරු කරගන්නා තෙක් හා අසාධාරණ 80% ප්‍රතිපත්තිය තුලින් ශිෂ්‍ය ජීවිත වලට වන පලිගැනීම් වලට එරෙහිව එම ප්‍රතිපත්තිය හකුලාගන්නා තෙක් ශිෂ්‍යයන් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නියැලෙන බව ඔවුන් පවසා සිටී.