
මාලබේ සයිටම් ආයතනය සම්බන්ද ගැටළුව මේ මොහොත වනවිට රටේ ප්‍රධාන මාතෘකාව බවට බත්වී තිබෙන අතර රජය මේ සදහා නිසි විසදුමක ලබා නොදී කල්මරමින් සිටි. සයිටම් ආයතනය වසාදමා මෙම ගැටලුවට විසදුමක් ලබාදෙන ලෙස රටේ මහජනතාව එක හඩින් කියා සිටියත් යහපාලන ආණ්ඩුව ඒ මහජන මතය මේ වනවිට නොසලකා හරිමින් ධනපති පංතිය හමුවේ දණගසා සිටි. එම නිසා ආණ්ඩුවට හොදින් ඇසෙන, ආණ්ඩුවට හොදින් දැනෙන ක්‍රියාමාර්ග තේරීමට මේ වනවිට ලාංකීය වෘත්තීය සමිති ක්ෂේත්‍රය ශිෂ්‍ය ව්‍යාපාරය සමග අත්වැල් බදාගෙන හමාරය.
සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය ලෙස මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් දිස්ත්‍රික සියල්ල ආවරණය වන පරිදි සයිටම් විරෝධී සිසු ජන බලමුළු පැවැත්වීමට තීරණය කර ඇත. එහි ආරම්භක බලමුළුව හෙට(07) ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භවේ.