සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයේ සිසුන් ඉඩම් අමාත්‍යංශ පරිශ‍්‍රයේදී උදඝෝෂණයක

ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨය යනු ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව සමස්ථ දකුණු ආසියාව තුළම වෘත්තිය මට්ටමේ මිනින්දෝරු උපාධිධාරීන් බිහිකරන ප‍්‍රමුඛතම ආයතනයයි. රටේ සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය උපාධිධාරී මිනින්දෝරුවන් බිහිකිරීමේ අරමුණින් 1997.11.10 වන දින ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය භූ විඥාපන පීඨය, මේ වනවිට වසර 20කට ආසන්න කාලයක් මැනුම් විද්‍යා උපාධිධාරීන් බිහිකරයි. ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයෙන් පිටවන මැනුම් විද්‍යා උපාධිධාරීන්ගේ අනාගත රැුකියා ක්‍ෂේත‍්‍රයටම පමණක් සීමාවන බැවින් එම ක්‍ෂේත‍්‍රය තුළ වූ ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි. එමනිසා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනින්දෝරු අවශ්‍යතාවය සැපයිය හැකි ප‍්‍රධානතම ස්ථානය ශ‍්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයයි. එම නිසාම භූ විඥාපන පීඨයේ මැනුම් විද්‍යා උපාධිධාරීන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට සෘජුවම බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් තිබිය යුතුය. නමුත් එසේ ක‍්‍රමවේදයක් නොමැතිවීම අනාගත මැනුම් ක්‍ෂේත‍්‍රයට පිවිසෙන මැනුම් විද්‍යා උපාධිධාරීන්ට සිදුවන දැඩි අසාධාරණයකි. මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ආධුනික මිනින්දෝරුවන් බඳවා ගැනිමේදී මැනුම් විද්‍යා උපාධිධාරීන් තරඟ විභාගයක් මගින් කප්පාදු කිරීමද පීඨයේ උපාධිධාරීන්ට සිදුකරන දැඩි අසාධාරණයකි. එසේම එමගින් තවදුරටත් මිනින්දෝරු සේවය පිළිබඳ ව්‍යවස්ථා සංග‍්‍රහයේද බඳවාගත යුතු බාහිර ප‍්‍රමාණයෙන් 90% ක් මැනුම් විද්‍යා උපාධිධාරීන් බඳවා ගැනීමටද දී ඇති ප‍්‍රමුඛතාවයද අහිමිකර ඇත. මෙම ගැටලූව සම්බන්ධව දීර්ඝ කාලයක් තිස්සේ අදාල වගකිව යුතු ආයතන වන මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් අමාත්‍යංශය, සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව යන ආයතන දැනුවත් කර සාකච්ඡුා කොට ඇතත් මෙතෙක් කිසිඳු සාධනීය ප‍්‍රතිචාරයක් ලැබී නොමැති නිසා සටන් පාඨ 2ක් ඔස්සේ මැනුම් විද්‍යා උපාධිධාරීන්ගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමේදී සිදුකරන මැනුම් විද්‍යා උපාධිධාරීන්ගේ කප්පාදුව වහා නවතනු ! මැනුම් විද්‍යා උපාධිධාරීන්ගේ රැුකියා සුරක්‍ෂිතතාව තහවුරු කරනු ! යන සටන් පාඨ මුල් කරගනිමින් 2017.09.13 වන දින බත්තරමුල්ල ඉඩම් අමාත්‍යංශ පරිශ‍්‍රයේදී උදඝෝෂණය කි‍්‍රයාමාර්ගයක් ගනු ලැබූ අතර ශිෂ්‍යයන් හා අමාත්‍යාංශ ලේකම්වරයා අතර පැවැත් වූ සාකච්ඡුාවෙන් සාධනීය පිළිතුරක් නොලැබුණි.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>