අධ්‍යාපන පෞද්ගලිකරණයට,ශිෂ්‍ය මර්දනයට එරෙහිව රජරට සිසුහු වීදි බසී.

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඍජුවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගත නොහැකි වූ තැන වත්මන් ආණ්ඩුව මේ වන විට කරමින් සිටින්නේ විකල්ප ක්‍රම උපයෝගී කරගනිමින් අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක නිරතව සිටී. එහි එක පියවරක් ලෙස පසුගියදා නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රය හැදින්විය හැක. ඒ අනුව මුදල් වියදම් කල හැකි ඕනෑම පෞද්ගලික සමාගමකට මුදලට උපාධි පිරිනැමීමේ අවසරය ලැබේ. ඒ අනුව සමස්ත සමාජයේ අයිතියක් විය යුතු අධ්‍යාපනය සුළු පිරිසකගේ වරප්‍රසාදයක් බවට පත් කිරීමට ආණ්ඩුවේ බලධාරීන් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පැරදවීම සඳහා ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල සිසුන් දැඩි ලෙස මර්දනය කීරීමට ද ආණ්ඩුවේ බලධාරීන් ප්‍රමුඛ කණ්ඩායම් සිය සියලු උත්සාහයන් දරමින් සිටී. එහි ප්‍රතිපලයක් ලෙස රජරට සරසවියේ සිසු නායකයින් 8 දෙනෙකුට මාස 6 ක පන්ති තහනමක් පැනවුයේ ගමයි සරසවියයි නමින් සංවිධානය කල වැඩසටහනකට සහභාගී නොවීම වරදක් ලෙස දක්වමිනි. මීට අමතරව ඊයේ වනවිට තවත් සිසු ක්‍රියාකාරීන් 14 දෙනෙකුට සති 6 ක ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ද කටයුතු කර ඇත. ඒ උද්ඝෝෂණයක් පැවැත්වීම හේතු කොට ගෙනයි.
මීට එරෙහිව රජරට විශවවිද්‍යාලයේ සිසුන් අද (04) විරෝධතා පා ගමනක නිරත විය. විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ කල පා ගමන මිහින්තලේ නගරය දක්වා ගොස් එහිදීද විරෝධතාවේ නිරත විය.

සියළු ජායාරූප නැරඹීමට

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>