සබරගමු සිසුන් 16ක් මානව හිමිකම් කොමිසමට - රජරට සිසුන් 12කගේ පන්ති තහනම්

රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 12 දෙනකුගේ පන්ති තහනම් කර තිබේ.

විශ්වවිද්‍යාල බලධාරීන් පවසන්නේ සති පහක කාලයක් සඳහා මෙම තහනම බල පැවැත්වෙන බවයි. මෙලෙස සිසුන්ගේ පන්ති තහනම් කර ඇත්තේ රැස්වීමක් පැවැත්වීම නිසාය.

මේ අතර කිසිදු විනය පරීක්ෂණයකින් තොරව අත්තනෝමතික ලෙස සිය ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට විරුද්ධව සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 16 දෙනකු ඊයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>