අභුත නවකවද චොදනා එල්ල කරමින් සබරගමුව සරසවි සිසුන් 20 දෙනෙකුගේ පංති තහනම් කරයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20 දෙනෙකුගේ පංති තහනම් කිරීමට මේ වන විට විශ්වවිද්‍යාල පරිපාලනය තීරණය කර ඇති අතර ඔවුන්ට මෙම දඩුවම ලබාදී ඇත්තේ නවකවදය ලබාදීමේ චෝදනාව ඉදිරිපත් කරමිනි.

ඒ අනුව සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ සිසුන් 10 දෙනෙකු හා ශිෂ්‍යාවන් 10 දෙනෙකු 2013/10/01 දින සිට පංති තහනමට ලක්කර ඇත. 

මෙම පන්ති තහනම් කිරීම් පිටුපස ඇත්තේ ආණ්ඩුවේ ශිෂ‍ය මර්ධනයේ එක් භුමිකවක් බව ඉතාපැහැදිලිවේ. පසු ගිය 2013/09/12 හා 2013/09/19 දිනයන් වලදී උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වමින් ආණ්ඩුවේ පුවත්පතකට ලිපි ලියූ සමන්මලී ප‍්‍රියශාන්ති නැමැති ලේඛීකාව ප‍්‍රකාශකර තිබුනේ සබරගමුව සරසවිය තුල ඉතා අමානුෂික ලෙස නවකවදය ලබාදුන් නිසා සිසුන් 19 දෙනෙකුගේ පංති තහනම් කර ඇති බවය. නමුත් ඉන්පසු විශ්වවිද්‍යාලයේ උපකුලපති වරයා විසින් මාද්‍ය නිවේදනයක් නිකුත්කර ප‍්‍රකාශකරන ලද්දේ විශ්වවිද්‍යාලය තුල කිසිදු නවකවද සිද්ධියක් සිදුනොවූ බවත් කිසිදු ශිෂයෙකුට පංතිතහනම් ලබා නොදුන් බවත්ය.

නමුත් මේ වන විට අභූත නවකවද චෝදනා ඉදිරිපත්කරමින් උසස් අධ්‍යාපන ඇමතිවරයා, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරිය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක වරයා සහ සබරගමුව සරසවියේ ජේශ්ඨ ශිෂ්‍ය උපදේෂක වරයා මැදිහත්වී උපකුලපතිවරයාට බලපෑමිකර සිසුන් 20 දෙනෙකුගේ පංති තහනම් කර ඇත. 

මේ වන විට නැවත වරක් පරාජය කල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ක්‍රියත්මක කරමින් අධ්‍යාපනය විකිනිමේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපතිය ක්‍රියත්මක කරමින් තිබෙන මොහොතක, අධ්‍යාපනයේ වගකීමෙන් ආණ්ඩුව නිදහස් වෙමින් තිබෙන මොහොතක එයට විරුද්දව සරසවි සිසුන් වීදී පුරා සටන් කරමින් තිබෙන මොහොතක ආන්ඩුව තම අරමුන ඉටු කරගැනීම සදහා ශිෂ්‍ය මර්ධනය කැදවා තිබේ. එම ශිෂ්‍ය මර්ධනය මේ වන විට ශිෂ්‍ය සංගම් තහනම් කිරීම් හා ශිෂ්‍යභාවය අහෝසි කීරිම් හා පන්ති තහනම් කිරිම්, ආරක්ෂක අංශ නිලදාරීන් හා මැරයන් යොදා ගනිමින් සිදු කරමින් සිටී. මෙම පංති තහනම් කිරීම්ද එම ශිෂ්‍ය මර්දනයේ එක් ප්‍රතිපලයකි

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>