කැලණි සරසවියේ නේවාසිකාගාර ගැටළුව විසදන ලෙස බලකරමින් කැලණි සරසවි සිසුන් අද(04)දින පා ගමනක් සංවිධානය කර තිබුනි.
පසුගිය 14 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර පිරිමි නේවාසිකාගාරයට කළ මැර පහරදීමත් සමග ආරම්භ කළ නේවාසිකාගාර අර්බුදය විසදන ලෙස බලකරන අරගලයට දෙසතියක් ගතවීත් නිෂ්චිත විසදුම් හමුවී නැත. ඊට විරෝධය පලකරමින් හා යෝජිත අධ්‍යාපන වෙළද කලාප වලට හා පෞද්ගලික විශ්වවිද්‍යාල ගැසට් පත‍්‍රය අහෝසි කරන ලෙස බලකරමින් හා සිසු මර්දනයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ දැවැන්ත පාගමන කොළඹ කොටුව ලෝටස් වටරවුම දක්වා ගමන් ගන්නා ලදී.
ජනාධිපති අතිරේක ලේකම් වරියක් සමග මාධ්‍ය ආවරණ සහිතව සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වූ නමුත් එම ස්ථානයට ගිය පසු මාධ්‍ය ආවරණ රහිතව සාකච්ඡාවකට පැමිනෙන ලෙස දැනුම් දෙන ලදී. සිසුන් රැවටීමත් ,මාධ්‍ය ආවරණ රහිතව සාකච්ඡාවකට යාම ඵල රහිත වීමත් නිසා සාකච්ඡාව ප‍්‍රතික්‍ෂේප කරන ලදී. මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කිංස්ලි ගුණරත්න සහෝදරයා අවධාරණය කලේ නේවාසිකාගාර අර්බුදය වහා විසදන තුරු සහ අධ්‍යාපන පෞද්ගලීකරණය නවතන තුරු මෙම අරගලය අඛණ්ඩව ක‍්‍රියාත්මක බවයි.
ඡායාරූප නැරබීමට