මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දමනු! -අ. වි.වි.ශි.බ.ම.

මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දමන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද දින මාධ්‍ය සාකච්චාවක් කොලඹ CSR ආයතනයේදී කැදවා තිබුනි.

මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බන්ඩාර සහෝදරය කිය සිටියේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය නීත්‍යානූකූල කර එයට සුජාත බාවයක් ලබාදීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හොර රහසේම පසුගිය සැප්තැම්බර් 30 දින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි

2011 වසරේ අගෝස්තු මාසයේදීද මෙලෙස මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යානුකූල කිරීම සදහා කොන්දේසි සපුරාලීමට මාස 18ක කාලයක් ලබා දෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබු අතර එම කොන්දේසි ක්‍රියාතමක කිරීමට නොහැකි වූ තැන නැවතවතාවක් වෛද්‍ය විද්‍යාලය නීත්‍යානුකූල කිරීමට මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

මෙම ගැසට් පත්‍රයේද මාස 6ක කලයක් තුල සපුරාලීමට කොන්දෙසි 3ක් ඉදිරිපත් කර තිබේ.

1) මෙම ආයතනයේ ප්‍රාග්ධනයෙන් 51% බාරකාර අරමුදලකට පැවරීම.

2)ශල්‍ය වෛද්‍ය පොත්පත් හා සඟරා ඇතුලත් පුස්තකාලයක් ආරම්භ කිරීම

3)මාස 6ක් ඇතුලත දේශණ ශාලා,ශ්‍රවනාගාර, විභාගශාලා,ශික්ෂණ කාමර,රසායනාගාර,කෞතුකාගාර,පුස්තකාල,තොරතුරු තාක්ශන පහසුකම්,පරේක්ශණ පහසුකම්,වෛද්‍ය අධ්‍යාපන ඒකක සම්පූර්ණ කරන ලෙස.

තනි පුද්ගල ආයතනයකට උපධි පිරිනැමීම කල නොහැකි අතර එම කාරනයෙන් ගැලවීමට ප්‍රාග්ධනයෙන් 51% බාරකාර අරමුදලකට පැවරීමට යෝජනා කර තිබේ. මෙම වෛද්‍ය ආයතනය සඳහා දැනට ශිෂ්‍ය කන්ඩායම් ගනනාවක් බදවාගෙන ඇති අතර ඔහුන්ට පරිහරනය කිරීමට තමත් පොත් පත් නොමැත. තවද ශිෂ්‍යන් සදහා පහසුකම්ද සම්පූර්ණ කර නොමැති තත්වයක් තුල පවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශවරයා මෙම වෛද්‍ය ආයතනය නීත්‍යානුකූල කිරීමේ දැඩි උත්සහයක නිරත වෙමින් සිටී. 

තවද මාලඹේ වෛද්‍ය විද්‍යාලය රුසියානු Nizhny Novgorod විශ්වවිද්‍යාලයේ අනුබද්ද ශාකාවක් බව පවසමින් මේ රටේ මහජනතාව නොමග යවා ඇත. රුසියානු ශ්‍රි ලංකා තානධිපති කාර්යාලය මගින් එවා ඇති ලිපියකට අනුව ලංකාව තුල Nizhny Novgorod විශ්වවිද්‍යාලයේ ශාකාවක් නොමැතිබව සදහන් කර ඇත. Nizhny Novgorod විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ශක මණ්ඩලය එවා ඇති ලිපියකට අනුව ඔහුන් දන්නා පරිදි ලංකාව තුල එම ආයතනයේ ශාකාවක් නොමැති දන්වා ඇත.

මෙලෙස මේ රටේ ජනතාව නොමග යවමින් පවත්වාගෙන යන මෙම හොර උපධි කඩයට නීත්‍යානුකූල බවක් ලබාදීමට වලීකෑම ඉතා නින්දාසහගත බව පැවසූ ඔහු මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල වසා දැමීමට දැවැන්ත සටනක් ක්‍රියාතමක කරන බවත් ගමක් ගමක් ගානේ ගොස් ජනතාව දැනුවත් කර පුලුල් ජනතා ව්‍යාපාරයක් සංවිධානය කර ආණ්ඩුවේ අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමේ ප්‍රතිපතිය පරාජය කරන බවත්, අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගන්නා තුරු සටන් කරන බවත් කියා සිටියේය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>