අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය හා විශ්වවිද්‍යාලීය අචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය එක්ව සංවිධානය කල අධ්‍යාපනයේ අර්බුදය පිළිබදව සංවාදය අද දින කොලඹ CSR ශාලවෙදී පැවැත්වුනි. මේ සදහා වෘතීය සමිති නායකින්, විශ්වවිද්‍යාල අචාර්‍යවරු හා ශිෂ්‍යයින් සහාබාගි විය.
මෙහිදි අධ්‍යාපන බරපතල අර්බුදයක පවතින බවත් මේ සදහා සියළු බලවේග එක්ව පොදු සංධානයක් ගොඩනැගිය යුතුබවත්, අධ්‍යාපන ප්‍රශ්නය ගැන දැනුවත් කිරීමට ගමක් ගමක් ගානේ ගොස් මහා ජනතාව දැනුවත් කර පුළුල් ජනතා ව්‍යාපාරයක් ගොඩ නගා සටන් කල යුතු බව සමස්ත අදහස විය.