පොදු රද මඩුලූ සමුළුව එනවා ළගට
ගල් මල් විදුලි කණු අල්ලයි කොළඹ වට
මේ අවු අස්සෙ තරු පෙන්නා අප හැමට
බස් හා දුම්රියේ ගාස්තු යයි උඩට
පාට රූං පෙති කරකවමින් රටට
සුරපුර මවයි ITN එක රෑට
දිනෙන් දිනම වැඩිවෙන මහ බදු බරට
මිනිසුන් වැටෙනවා දින දින මහ මගට
හයිවේ හදනවා ලොකු මිනිහට යන්ට
කිරු`ඵ පලන්දනවා කියමින් දැයට
නිර්ධන පංතියේ, දුප්පත් අපෙ උන්ට
අහවල් ආශ්චර්,යක්වත් නෑ කන්ට
පොදු රද මඩුළු සමු ළුව යන අතර තුරේ
අධ්‍යාපනේ විකුණන්නයි උන්ගෙ පොරේ
වෙළ`ද කලාපෙට මුල්ගල තියන් කරේ
චාල්ස් කුමාරය එනවලූ දාන් හුරේ
හනේ හපොයි කියමින් මෙව්වා දැකලා
කරබා ගෙනම ඉදිමුද අපි ඔහේ බලා
පෙරමුණ අරන් සටනේ වැද රුපුන් හෙළා
ජයගමු එක්ව සැම බාධක බිද හෙළලා