ඉරිතැලුන හදවතට
හදිස්සියේ ඇද වැටුණු
පොද වැස්ස විය
නුඹ මෙමට
පැයට දාහට විකිණෙනා කය
මිළට ගන්නට උන් පෝළිමේ
අහම්බෙන් මුණ ගැසුණු දෑසක්
හිරි වැටුණි මා ප්‍රේමයේ
බාප්පගෙ මිතුරන් අභියස
ගවුම ගැළවුණ දා අමාවක
කන්‍යා සිහින දියකළ
දඩ බල්ලන්ගෙ භූමිය
වැළලුවා මම ප්‍රේමය
සිහින සමගින් ආත්මය
ඒත් ඒ අරුම රාත්ත්‍රිය
ගොඩගත්ත නුඹ යළි ප්‍රේමය
අමාවක රෑ මැදියම
හදිසියේ පහළවිය පුර හද
පිසාචයින් සරන රාත්ත්‍රිය
මේ සාපලත් ගොදුරු බිම
ටාගට් කවර් කරණට
එළිවෙන්න මත්තට
තව එකෙක් ඕනෙමයි
පාළු වීදියෙ තනිවුණ නුඹව
දඩයමට ආ කාම ධේනුව මමයි
පස්සෙන්ම එනකළ
ධවළ ගිරිය ළග
නුඹ ඇහුව ප්‍රශ්නෙට
ගිණි ගත්ත මම
" සහෝදරී කාලද? "
ධවල ගිරියෙ පරාට රසයි
අහල තිබුනට කෑවෙ අදයි
තාත්තෙක්ගෙ උණුසුම
අයියෙක්ගෙ රැකවරණය
සමගින් පෙම්වතෙකුගෙ සෙනෙහස
එකට කැටිකොට කැව්ව
පරාට කට
ලෝභ හිතුන ගිළින්නට
අපි සෙමින් ඇවිද ගිය
අයිශ්චර්යයේ මාවත් දිග
පාට නැති මගේ
සිහින බිත්ති මත
එළිවෙන තුරා
නුඹ ගෑව රතු පාට
වියළෙනා කතර බිම
රතු මලක් පීදුනා
ප්‍රේමයේ සුවදකුත්
ඉන් හොරෙන් වෑහුනා
ඇත්තටම ඔය හීන
පැළවේද මේ පොළවෙ
ඒ උනත්
නම නොදත් ප්‍රේමවන්තය
මේ මළසොහොන් සමාජෙට වඩා
ඔය හීන කොච්චරනම් ලස්සනද
මේ පාළු වීදියේ
එදා සිට මන් තවත්
නුඹෙ රුවම සොයන්නී
ආදරේ සිගන්නී
ඔව්...
මන් නුඹේ වෙසගනයි.......
( රිවිහර පින්නදුව )