අරගල මැද රජරට සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව සාර්ථකව ඉදිරියට
Saturday, November 2, 2013
Lahiru
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය ව්‍යහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන "ලෝකය දකිනු වස් මතු පරපුර උදෙසා පිදෙන බුද්ධි මෙහෙවර" සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව මේ වන විට ඉතා සාර්ථක ලෙස පැවැත්වේ. ඒ අනුව අනුරාධපුර SOS ළමා ගම්මානය, හොරොව්පොතාන රුවන්වැලි මාධ්‍ය මහා විද්‍යාලය හා මහඉලුප්පල්ලම මහා විද්‍යාලය යන පාසල් වල සම්මන්ත්‍රණ මාලාව පැවැත්විණ. ඉදිරියේදීද තවත් පාසල් කිහිපයකම මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයන් සඳහා මෙලෙස සම්මන්ත්‍රණ පැවැත්වේ. රජරට විශ්වවිද්‍යාලයේ මේ වන විට දැඩි අර්බුදකාරී වාතාවරණයක් පන නැගී ඇත්තේ විශ්වවිද්‍යාල පරිපලානය අත්තනෝමතික ලෙස සිසු ක්‍රියාකාරීන් 27 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමත් සමඟය. කුමන බාධක පැමිණියද විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සතු සමාජ වගකීම් ඉටු කිරීමට ඔවුන් කටයුතු කළහ. අපට අභූත චෝදනා නගන පිරිස් මේ ගැනද කතා කල යුතුය. පසුගියදා විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වසා දැමු විට මෙම සම්මන්ත්‍රණ කරගෙන යාමට නේවාසිකාගාර විවෘත කරදෙන ලෙස පරිපාලනයෙන් ඉල්ලීම් කලද ඊට අවසර නොදීමට තරම් විශ්වවිද්‍යාල පරිපාලනය අකාරුණික වීම කණගාටුවට කාරණයකි...
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>