පේරාදෙණිය සත්‍යග්‍රහයට දින 50යි. පාලකයින් තවමත් නිහඬයි. පෙරේ සිසුන් විරෝධතාවක වෘත්තීය සමිතිද සත්‍යග්‍රහයට එක්වෙයි.

සමසෞඛ්‍ය උපාධියේ අධ්‍යයන කාලසීමාව වසර තුනක් දක්වා කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කල උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද(පෙබ.11) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වින. එම විරෝධතාවය සඳහා විශ්වවිද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයක් සමඟ ඔවුන්ගේ දෙමාපියන් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක නායකයින් සහභාගී වී සිටියහ. එහිදී විරෝධතා කරුවන් තම සායනික කබා (Lab Coat) වලින් සැරසී කළු පැහැති පටි හිස පැළඳ කළු පැහැ විරෝධතා පුවරුද අතැතිව සටන් පාඨ කියමින් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් මුළුමනින්ම අවහිර කර පැයකට අධික කාලයක් උද්ඝෝෂණයේ නියැළුණි.

නිදහස් සෞඛ්‍ය සේවවාවට හා රටේ අනාගත දියුණුවට මඟ අහුරාලන සමසෞඛ්‍ය උපාධි කප්පාදුව වහාම හකුලා ගනිමින් සියලු සිසුන්ට සිවු අවුරුදු උපාධිය ලබා දෙනතුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 50ක් සම්පූර්ණ වේ. නමුත් අද වන තුරුත් සිසුන්ගේ ඉල්ලීම් වලට පාලකයින් කිසිදු පිළිගතහැකි මට්ටමෙන් විසඳුමක් ලබා දී නොමැති බැවින් තම සත්‍යග්‍රහ ව්‍යාපාරය මින් ඉදිරියට තව දුරටත් තීව්‍ර කරනා බව සමසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති රජිත ප්‍රසාද් සිසුවා එහිදී අදහස් දක්වමින් පැවසුවේය. සිසුන්ගේ විරෝධතාවය සහය පළකරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක නායකයින්ද අද දින එම සත්‍යග්‍රහ ව්‍යාපාරය සමඟ එක්විය.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>