පේරාදෙණිය සමසෞඛ්‍ය සිසු සත්‍යග්‍රහයට නැගෙනහිර සිසුන්ද එක්වෙයි.

සිවු අවුරුදු සමසෞඛ්‍ය උපාධි කප්පාදුව වහා හකුලා සියලු සමසෞඛ්‍ය සිසුනට සිවු අවුරුදු උපාධි ලබාදෙන තුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා සිසුන් විසින් පවත්වනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහයට සහය පලකිරීම සඳහා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා සිසුන් අද (පෙබ.17) දින ගලහා මංසන්ධියේ දී සත්‍යග්‍රහයට වාඩි විය.

 සමසෞඛ්‍ය උපාධි කප්පාදුව වෙනුවෙන් පේරාදෙණිය සමසෞඛ්‍ය විද්‍යා සිසුන් ආරම්භකළ සත්‍යග්‍රහයට මේ වන විට දින 56ක් හා රුහුණ සමසෞඛ්‍ය විද්‍යා සිසුන් ආරම්භකළ සත්‍යග්‍රහයට මේ වනවිට දින 48ක් සපිරෙන නමුත් පාලකයින් තවමත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, මෙම ගැටලුව හුදෙක් සමසෞඛ්‍ය සිසුන්ගේ ගැටළුවක් පමණක් නොව, සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා සෞඛ්‍ය සේවාවන් ලබන මහජනයාගේ ප්‍රශ්නයක් බවත්, මෙම ගැටලුව විසඳා සියලු සමසෞඛ්‍ය සිසුනට වසර හතර ලබාදීමට පාලකයින් වහා කටයුතු කල යුතු බවත්, මෙම අරගලය වෙනුවෙන් මෙසේ එක්වී සියලු සමසෞඛ්‍ය සිසුනට සිවු අවුරුදු උපාධි ලබා දෙන තුරු සටන් කරන බවත් පැමිණ සිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයීය සිසුහු ප්‍රකාශ කරසිටියහ.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>