අසාධාරණ පන්ති තහනම් 27 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට සරසවි සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට පහර දී විසුරුවා හැරීමේ පොලිසියේ දෙවන උත්සාහයද හකුලා ගැනීමට අද (14) පොලිසියට සිදු විය.
ආණ්ඩුව, පොලිසිය හා විශ්වවිද්‍යාලය තුල සිටින තම හෙන්චයියන් යොදා ගනිමින් බොරු පැමිණිලි කරමින් මෙම සත්‍යග්‍රහය නැවත්වීමට අදාලව අධිකරණ නියෝගයක ලබා ගැනීමට කටයුතු කර තිබෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙනි. නමුත් දවස් 67 ක් තිස්සේ සත්‍යග්‍රහයක නිරත වෙමින් ඉදිරිපත් කල ගැටළු වලට කිසිඳු විසදුමක් මේ වන තෙක් ලැබී නොමැත. එසේම ඉතා සාමකාමීව සත්‍යග්‍රහයේ නිරතව සිටි සිසුන් 8 දෙනෙකු ඊයේ උදෑසන මිහින්තලේ පොලිසිය මඟින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කල අතර ඔවුන් රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඊට විරෝධය පාමින් ඊයේ දිනයේදී එක්දහස් පන්සීයකට අධික සිසු පිරිසක් එක්ව අනුරාධපුර නගරයේදී දැවැන්ත විරෝධතාවක නිරත වෙමින් 66 වෙනි දිනට සත්‍යග්‍රහය අනුරාධපුර නගරයේදී පැවැත්විණ.
ඒ අනුව අද (14) දවසේදීද සත්‍යග්‍රහය විසුරුවා හැරීම සඳහා පොලිසිය ඊට පහරදීමට සුදානම් වුවද යලි එම තීරණය හකුලා ගැනීමට කටයුතු කර තිබිණ.
කෙසේ වුවද මෙසේ සාමකාමී ලෙස උද්ඝෝෂණයේ නිරත සිසු සිසුවියන්ට කොයි මොහොතක හෝ
රජයේ ආරක්ෂක අංශ පහරදීමේ අවධානමක් පවතී. එම නිසා එවන් අවධානම් සහගත තත්ත්වයකට සිසුන් ඇද දැමු විශ්වවිද්‍යාල පරිපාලනය, පොලිසිය හා ආණ්ඩුව සිසුන්ට සිදු වන ඕනෑම අනතුරක වගකීම සම්පුර්න වශයෙන් භාර ගත යුතුය.