සමසෞඛ්‍ය උපාධි කප්පාදුව වහා හකුලා ගනු! දෙමාපිය - සිසුන් පාරට බසිති

සිව් අවුරුදු සමසෞඛ්‍ය උපාධිය කප්පාදුවට එරෙහිව අද දින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුනි. සෞන්දර්‍ය කළා විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ මෙම පා ගමන ඇද හැලුනු වැසිද නොතකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තෙක් පැමිනියේය.මේ සඳහා සමසෞඛ්‍ය සිසුන්ට අමතරව සෑම විශ්වවිද්‍යාලයක්ම නියෝජනය කර්මින් සිසුන් 2000ක් පමණ පැමින් සිටි අතර   සමසෞඛ්‍ය සිසුන්ගේ දෙමාපියන්ද සහභාගි විය.

සිව් අවුරුදු සමසෞඛ්‍ය උපාධිය කප්පාදුව නවතා සියළු සමසෞඛ්‍ය සිසුන්ට සිව් අවුරුදු උපාධිය ලබා දෙන මෙන් ඉල්ලා පේරාදෙණිය හා රුහුණ විශ්වවිද්‍යාල වල ආරම්භ කර තිබෙන සත්‍යග්‍රාහයන් සඳහා මේ වන විට දින 50ක් ඉක්මවා ගොස් තිබෙන අතර  රජය විසින් මෙතෙක් මේ සඳහා විසදුම් ලබා දී නොමැත.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>