
අනතුරුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයෙකු වන රුහූණු විශ්වවිද්‍යාලයේ හරිත ලක්මාල් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරවරුන් මුදල් අවශ්‍යතාවයක් සඳහා මහජන බැංකු ප්‍රධාන කාර්යාලයට ගොස් එන අතරතුර දී පිරිසක් පැමිණ හරිත ලක්මාල් සහෝදරයාට පහර දී ඇත. ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. පහර දීමට පැමිණි පිරිස අතර රජයේ ආරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුම සිටි බව එම සහෝදරයා හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතර සිටි එක් අයෙකු මීට පෙර අවස්ථාවකදී හරිත සහෝදරයාගේ නිවෙසට ගොස් තොරතුරු සොයා බලා ඇත්තේ තමන් රජයේ ආරක්ෂක අංශයට සම්බන්ධ බවට ප්‍රකාශ කරමිනි.
එසේම සරසවි සිසුන් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ හා පා ගමන් පැවැත්වෙන ස්ථානවල දිගින් දිගටම ඔවුන රැදී සිටි අයුරු දැක ගත හැකි විය.
පසුගිය කාලය පුරා අන්තරේ ක්‍රියාකාරීන් හා ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් පසු පස රජයේ ආරක්ෂක අංශ වලට අනුබද්ධ කණ්ඩායම් වල ලුහු බැඳීම සිදු වෙමින් පවතින අතර නිවෙස් වලට පවා ගොස් එළිපිටම තර්ජනය කිරීමට තරම් ඔවුන් තම ක්‍රියාකාරකම් බලවත් කර ඇත.
මේ සම්භන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පොලිස්පතිවරයා දැනුවත් කිරීමටද අප කටයුතු කලද ඒ වෙනුවෙන් කිසිඳු පියවරක් මේ වනතෙක් ගැනීමට අදාළ බලධාරීන් කටයුතු කලේ නැත.
ඒ අනුව මේ වන විට ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වන සරසවි ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ ජිවිත සම්බන්ධයෙන් දැඩි අවධානම් සහගත තත්ත්වයක් උද්ගතව ඇත. මෙවන් තත්ත්වයක් තුල ශිෂ්‍ය ක්‍රියාකාරම් අතරතුර හෝ ශිෂ්‍ය ක්‍රියාකාරකම් වල ක්‍රියාකාරීව හැසිරෙන සිසු සිසුවියන්ට ආරක්ෂක අංශ ලෙස හඳුන්වාගනිමින් සිදු කරන විවිධ බලපෑම් වලට හා ජිවිත සම්බන්ධයෙන් එල්ල වන තර්ජන වල සම්පුර්ණ වගකීම මෙරට ආණ්ඩුව, ආරක්ෂක ලේකම්වරයා සහ ආරක්ෂක අංශ බාර ගත යුතුය.
එසේම මෙවන් මිලේච්ඡ පහරදීම්, බලපෑම දැඩි පිළිකුලෙන් යුතුව හෙළ දකින්නෙමු!