විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මධ්‍යස්ථානය අසලින් මෙම උද්ගෝෂණය ආරම්භ කල අතර සිසුන් සටන් පාඨ කියමින් විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් විශ්වවිද්‍යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය වෙත පැමිණියහ. ප්‍රධාන මාර්ගයේ පයක පමණ සිසුන් එලෙස විරෝධතාවේ නිරත විය.
උද්ඝෝෂකයින් කියා සිටියේ මේ වන විට රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 27 දෙනෙකුට ලබා දී ඇති පන්ති තහනම් ඉවත් කිරීම ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුල පැන නැගී ඇති අර්බුද වලට වග කිව යුත්තේ මෙරට ආණ්ඩුව බවයි. එනම් වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වී ඇත්තේ අධ්‍යාපනය විකිණීම බවත් ඒ හරහා නිර්මාණය වූ ගැටළු හේතුවන් ලංකාවේ විශ්වවිද්‍යාල බොහොමයක මේ වන විට විවිධ අර්බුද ගණනාවක් නිර්මාණය වී ඇති බවත්ය. එම නිසා මෙම ගැටළු සියල්ලටම වහා විසඳුම් ලබා දී විශ්වවිද්‍යාල පද්ධතිය යතා තත්ත්වයට පත් කර ලෙස ඔවුහු ආණ්ඩුවට බල කර සිටියහ.
මේ අතර විශ්වවිද්‍යාල පරිපාලනය මඟින් ලබා දී ඇති පන්ති තහනම් 27 ක් ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට(12) දින 93 ක් වන අතර අදාල ගැටළු වලට විසදුම් ලබා දී සරසවිය යථා තත්ත්වයට පත් කිරීමේ කිසිඳු වුමනාවක් විශ්වවිද්‍යාල පරිපාලනයට හෝ ආණ්ඩුවට නැත.
ඡායාරූප නැරඹීමට