කැළණිය විශ්වවිද්‍යාලයෙහි සිසුවියන් හට නේවාසිකාගාර පහසුකම් නොමැති වීමෙන් ඔවුන් ප්‍රධාන ආපනශාලාවේ නවාතැන් ගෙන මේ වනවිට සතියක් පමණ කාලයක් ගත වී ඇත. කෙසේ නමුත් මේ වන තෙක් ඒ සදහා විශ්වවිද්‍යාල පරිපාලනයෙන් විසදුමක් ලබා දි නොමැති බව වාර්තාවේ.
නේවාසිකාගාර ඉල්ලා ඊයේ (06) කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැති අතර එහිදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික සදහන් කර සිටියේ කැළණීය විශ්වවිද්‍යාලයේ මේ වන විට නේවාසිකාගාර නොමැති සිසුන් 1000කට වඩා වැඩි බවත් ආණ්ඩුවෙ කොතරම් විශ්වවිද්‍යාලවලට පහසුකම් සපයන බව තොරතෝංචියක් නොමැති ව ප්‍රකාශ කළත් අද වන විට කැළණිය සරසවියේ සිසුවියන්ට සිදුව ඇත්තේ දෙනෝදාහක් සිසුන් යන එන කැන්ටිමේ බිම නිදා ගැනීමට සිදුවීමයි.
අපි ආණ්ඩුවෙන් අහන්නේ මේකද ආශ්චාර්ය කියලා. එස්. බී . දිසානායක උසස් අධ්‍යාපන ඇමැති වූ නමුත් ඔහු සිදු නොකරන්නේ ද ඊට අදාළ වැඩ කොටස පමණක් බවද පැවසීය. එසේම ඉදිරි කාලය තුළ සිසුවියන්ට නේවාසිකාගාර පහසුකම් නොමැති නම් දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයන්ට එළඹීමට බලාපොරොත්තු වන බව හේ වැඩි දුරටත් සදහන් කර සිටියේය.
උපුටා ගැනීම-2014-03-07 sinhala.theindependent.lk