සම සෞඛ්‍ය සත්‍යග්‍රහය කොළඹට

සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව වසර තුනකට අඩු කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (27) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.

කොළඹ කාර්මික මංසන්දියේ සිට කොටුව දුම්රිය පොළ දක්වා පා ගමනින් පැමිණි පිරිස දුම්රිය පොළ ඉදිරිපිටදී සත්‍යග්‍රහය ආරම්භ කළහ. මේ සඳහා සිසු සිසුවියන්ගේ දෙමාපියන් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය සිසුන් ආරම්භ කල සත්‍යග්‍රහයට අදට දින 94 ක් වන අතර, රුහුණු විශ්වවිද්‍යාල සිසුන් ගාල්ල නගරයේ ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අදට දින 85 කි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ විසඳුම් ලබා දීමට මෙතෙක් බලධාරීන් කටයුතු කර නොමැත. විවිධ පාර්ශව වෙත චෝදනා එල්ල කරමින් ඔවුන් උත්සාහ කරනුයේ වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන අධ්‍යාපනය විකිණීමට අදාළ පසුබිම සකස් කිරීමය.

මේ වන විට රජයේ ඍජු මැදිහත් වීම යටතේපවත්වාගෙන යනු ලබන කොතලාවල ආරක්ෂක පීඨය තුල සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව වසර හතරක උපාධියක් ලෙස මුදල් ගෙවා හැදෑරීමේ හැකියාව ඇති කිරීම තුලින්ම ඒ බව මනාව පැහැදිලි වේ.


ඡායාරූප>>>

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>