ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුල මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින සිසු මර්දනයට එරෙහිව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කල උද්ඝෝෂණයක් අද(26) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණ. අසාධාරණ ලෙස ශිෂ්‍ය භික්ෂුන් 10 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විරෝධය පා මෙම උද්ඝෝෂණය පැවැත්විණ.
විශ්වවිද්‍යාලය තුල සිට සටන් පාඨ කියමින් විරෝධතා බැනර ප්‍රදර්ශනය කරමින් සිසුන් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නිරත විය. විරෝධතාකරුවන් විශ්වවිද්‍යාල පරිපාලනයට බල කරමින් කියා සිටියේ මේ වන විට ලබා දී ඇති අසාධාරණ පන්ති තහනම්, ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් වහා ඉවත් කරන ලෙසයි.
පන්ති තහනම් කිරීම 138
ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් 40
අත්හිටවූ පන්ති තහනම් 185
නඩු පැවරීම් 143
ශිෂ්‍ය සංගම් තහනමට වසරයි
වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙස දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කොට ඇත. මෙසේ පන්ති තහනම් කිරීමට, ශිෂ්‍ය භාවය අහෝසි කිරීම් වලට අදාළ කිසිඳු සාධාරණ පදනමක් නැත, ප්‍රධාන හේතුව නම් සිසු අයිතීන් හා අධ්‍යාපන අයිතිය දිනා ගැනීම උදෙසා හඬ නැගීමයි. ඒ අනුව ජ'පුර සරසවි පරිපාලනය මෙලෙස ශිෂ්‍ය මර්දනය කිරීමේ ප්‍රධාන පරමාර්ථය, ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන අධ්‍යාපනය විකිණීමට අවශ්‍ය පසුබිම විශ්වවිද්‍යාල තුල නිර්මාණය කිරීම බව පැහැදිලිය.