සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය රැක ගනිමු, යෝජිත කළමණාකරන පීඨය වහා ස්ථාපිත කරනු යන සටන් පාඨ මුල් කරගනිමින් අද දින පේරාදෙණිය සරසවියේ සිට නුවර දක්වා පාගමනක් පැවැත්විනි. සිසුන් විශාල පිරිසක් සහබාගි වුණු අතර ඇද හැළුනු වර්ෂාවද නොතකමින් සිසුන් පාගමන ක්‍රියාතමක කරන ලදී.
මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මගින් ක්‍රියාත්මක කරන සම සෞඛ්‍ය උපාධිය කප්පාදුවට එරෙහිව අඛන්ඩ සත්‍යග්‍රාහයට දින 73 ක් පසු වී ඇති අතර පාලකයින් විසින් තවමත් විසදුම් දීමට සුදානම් වී නොමැත.තවද යෝජිත කළමණාකරන හා මූළ්‍ය පීඨය තවමත් ස්ථාපිත කර නොමැත.