නේවාසිකාගාර ගැටළුවට විසදුම් ඉල්ලා කැළණි සිසුන් පාගමනක

පාලකයින් විසින් හිතා මතා ඇති කල නේවාසිකාගාර අර්බුධය  වහා විසදන ලෙස බල කරමින් අද දින(2014/03/06) කැළණිය සරසවි සිසුන් විසින් කිරිබත්ගොඩ නගරය දක්වා පාගමනක් ක්‍රියාත්මක කරන ලදී. මේ සදහා දෙමාපියන්ද සහාබාගි වූ අතර සිසුන් 1000කට අධික පිරිසක් සහබාගි විය. කැළණිය සරසවියෙන් දහවල් 11ට පමන ආරම්භ වුණු පාගමන කිරිබත්ගොඩ නගරය දක්වා ගොස් නගර මද්‍යයේ රැලියක් පවත්වා නැවතත් සරසවිය වෙත පාගමනින් පැමිනියේය.

මේ වන විට කැළණිය සරසවියේ ශිෂ්‍යාවන් නේවාසිකාගාර අර්බුදය විසදනතුරු ක්‍රිඩාගාර ආපන ශාලාවේ රැදී සිට දින 3ක් ගත වී ඇතත්  පාලකයින් විසින් තවමත් මෙම ගැටළුව විසදීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

ඡායාරූප නැරබීමට

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>