සමසෞඛ්‍ය විද්‍යා උපාධි කප්පාදුවට වහා හකුලා සියලු සිසුනට සිවු අවුරුදු උපාධිය ලබා දෙනතුරු විරෝධය පළකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 2014/03/06 දින මහනුවර නගරයේ දී සංකේත සත්‍යග්‍රහයකට වාඩි විය. ගලහ මංසන්ධියේ පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට අද (06) දිනට දින 73ක් වන නමුත් ගැටලුව විසඳීමට පාලකයින් තවමත් අපොහොසත් වී ඇත. මෙයට සමගාමීව පසුගිය 04 සිට මහජන බැනරයකට අත්සන් එකතු කිරීමක්ද මහනුවර නගරයේදී සිදු කෙරිණි. මෙම නගර විරෝධතා වැඩසටහන් ඉදිරියේදී දිවයින පුරා සිදු කිරීමට නියමිතය.
මෙම වැඩසටහන් වලට සමගාමීව "නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගනිමු සිවු අවුරුදු සමසෞඛ්‍ය විද්‍යා උපාධිය රැකගැනීමට පෙළගැසෙමු!" යන තේමාවෙන් වෘත්තීය සමිති හා මහනුවර ප්‍රදේශයේ සිවිල් සංවිධාන සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (06) පස්වරුවේදී සම්මන්ත්‍රණයක් මහනුවර කැප්පෙටිපොළ ශාලාවේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණි.