පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය වෛද්‍ය උපාධි පාඨමාලාවේ කාල සීමාව වසර 4 දක්වා දීර්ඝ කරන ලෙස බලකරමින් සමසෞඛ්‍ය වෛද්‍ය සිසුන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින සියයක් වනවා. පේරාදෙණිය ගලහ හන්දියේදී මෙම සත්‍යග්‍රහය පැවැත්වෙනවා. දින සියයක් සපිරෙන අද දිනයේද විශ්වවිද්‍යාල සිසුන් දැවන්ත විරෝධතා ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කළා.
අද පැවැති විරෝධතා ව්‍යාපාරය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධාන කොට තිබූ අතර විශ්වවිද්‍යාලයේ සිට පා ගමනින් ගලහ මංසන්ධියට පැමිණි සරසවි සිසුන් කොළඹ නුවර මාර්ගය අසල පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ යෙදුණා.