බොරු චෝදනා මත සිරගත සිසුන් වහා නිදහස් කරනු

පසුගිය දා අත්අඩංගුවට ගත ජපුර සිසුන් 14 දෙන වහා නිදහස් කරන ලෙස බලකරමින් අද දින ජයවර්ධනපුර 
විශ්වවිද්‍යයාලිය මහා ශිෂ්‍ය සංගමය මගින් උද්ඝෝෂණයක් පවත්වන ලදී.  

ජයවර්ධනපුර විශ්වවිද්‍යයාලය තුල  දිගින් දිගටම සිදුවන ශිෂ්‍ය මර්ධනය වහා නවතන ලෙසත් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව අකුරටම ඉටු කරන විශ්වවිද්‍යලිය පාලන අධිකාරියේ ක්‍රියා පිළිවෙත වහා නවතන ලෙසත් එසේ නොමැතිනම්  මෙම ශිෂ්‍ය මර්දනයට එරෙහිව අඛණ්ඩව සටන් කිරීමට ලංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සුදානම් බවත්   එහිදී අදහස් දක්වමින්   අන්තර් විශ්වවිද්‍යයාලිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා කියා සිටියේය. 


 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 14 දෙනෙක් මාර්තු 31 වන දින අත්අඩංගුවට ගත් අතර ඔහුන් රාජ්‍ය දේපොළ හානි කාලයයි කියන බොරු චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. 


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>