ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් අරගල කළ දුම්රිය කම්කරුවන්ට එල්ල කළ ආණ්ඩුවේ ම්ලෙච්ඡ් පොලිස් ප්‍රහාරය තරයේ හෙළා දකිමු.

   
 තාවකාලික පදනම මත බඳවා ගත් දුම්රිය සුළු සේවකයින්ගේ රැුකියා ස්ථිර කිරීම ඇතුළු ඉතා සාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබූ අතර එයට ඊයේ දිනයේදී පොලීසිය විසින් ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කර කම්කරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කම්කරුවන් 3000 කගේ පමණ මූලිකත්වයෙන් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කර තිබූ අතර එහි නායකත්වය ආණ්ඩු හිතවාදී නිදහස් වෘත්තීය සමිතිය විසින් ගෙන තිබුණී.

ඊයේ දිනයේදී උපවාසය ඉදිරිපිටට පැමිණි ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම විසින් ඉල්ලීම් ලබා දෙනවා යයි වාචික පොරොන්දුවක් දීමත් සමඟ ආණ්ඩු හිතවාදී වෘත්තීය සමිති නායකයින් කලින් සැලසුම් කරගත් පරිදි අරගල පාවා දෙමින් උපවාසය නවතා ඉන් ඉවත්වීමට තීරණය කර තිබේ. නමුත් කම්කරුවන් වෘත්තීය සමිති නායකයින් ගත් තීරණයට විරෝධය පාමින් නැවත උපවාසය ආරම්භ කළ අතර මෙ හේතුවෙන් ආණ්ඩුව, පොලිසිය යොදවා ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කර කම්කරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

ආණ්ඩුව විසින් කි‍්‍රයාත්මක කරන නව ලිබරල් ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්තිය ම`ගින් කම්කරුවන්, ගොවියන්, ධීවරයන් ඇතුලූ සියලූ පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටී. මෙම අයිතිිවාසිකම් කප්පාදුවට විරුද්ධව හා ඒවා දිනාගැනීම වෙනුවෙන් සටන් කරන සියලූ බලවේගයන්ට මර්දනය කැඳවීම රාජ්‍යයේ ප‍්‍රතිපත්තිය බව ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප අත්විඳිමින් සිටින අතර මෙම`ගින් ද පැහැදිළි වන්නේ සියලූ සටන් කරන බලවේගයන්ට මර්දනය කැඳවීම රාජ්‍යයේ පොදු ප‍්‍රතිපත්තිය බවයි. 

ඒ නිසා මෙම මර්දනයට මුහුණ දීමට වගේම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සියලූ පීඩිත බලවේගයන්ට එක්ව සටන් වැදීමට බලකෙරී ඇත. අ.වි.ශි.බ.ම ලෙස අප කම්කරු ව්‍යාපාරයට සහය පළ කරන බවත් කම්කරුවන්ට එල්ල කළ ම්ලේච්ඡු පොලිස් ප‍්‍රහාරයට අපගේ බලවත් විරෝධය දක්වන බවත් අත්අඩංගුවට ගත් සියළු කම්කරුවන් වහා නිදහස් කරන ලෙසටත් බලකර සිටිමු. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>