එළඹෙන අලුත් අවුරුදු නිවාඩු සමය තුලද රජරට හා සම සෞඛ්‍ය ප්‍රශ්න වලට අදාලව ආරම්භ කර ඇති සත්‍යග්‍රහ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා පැවසීය. ඔහු මෙම අදහස් පල කලේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ(08) මරදාන CSR ශාලාවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.
"මේ වෙද්දී විශ්වවිද්‍යාල පද්ධතියේ පැන නැඟුණු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ අතුරින් රජරට හා සම සෞඛ්‍ය අරගල වලට දීර්ඝ කාලයක් ගතවෙලා තියෙනවා. නමුත් තවමත් ඒවට විසඳුම් දෙන්න බලදාරීන් කටයුතු කරලා නෑ
අවුරුදු 4 ක පාඨමාලාවක් විදියට වසර 4 ක කාලයක් ශිෂ්‍යයෝ ඉවත් උනාට පස්සේ නැවත අවුරුදු තුනක් දක්වා අඩු කරලා තියෙනවා. ශිෂ්‍යයෝ ඉල්ලන්නේ වසර 4 ක උපාධිය නැවත ස්ථාපිත කරන්න කියලා, අලුතින් දෙයක් නෙවෙයි තිබුන එක ස්ථාපිත කරන්න කියලා ඉල්ලන්නේ. ඒකට තමයි ශිෂ්‍යයෝ අරගල කරන්නේ ඒ අනුව පේරාදෙණිය සිසුන්, රුහුණු සිසුන් සත්‍යග්‍රහ ආරම්භ කළා, විසඳුම් නැති නිසා තමයි කොළඹ සත්‍යග්‍රහයක් ආරම්භ කලේ. පේරාදෙණිය සත්‍යග්‍රහයට අදට දින 105 ක්, ගාල්ල නගරයේ සත්‍යග්‍රහයට දින 97 ක් කොළඹ කොටුවේ සත්‍යග්‍රහයට දින 12ක් ගතවෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉස්සරහත් සංඛේත සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක වෙනවා.
ශිෂ්‍යයෝ එක දිගට වාඩි වෙලා අධ්‍යාපන කටයුතු කරගන්න බැරිව සත්‍යග්‍රහයේ නිරත වෙලා ඉන්නවා. නමුත් තවමත් විසඳුම් ලබා දෙන්න බලධාරීන් කටයුතු කරලා නෑ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් ප්‍රශ්නය මග හරිමින් විවිධ බලවේග වලට බොලේ පාස් කරමින් ඉන්නවා. අපි ඒකට එකඟ නෑ. මේ ප්‍රශ්නයට විසදුම් ලබා දිය යුත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් ය. දවස් 100කට එහා ගිය සත්‍යග්‍රහ පැවැත්වෙද්දීත් නිදහස් අධ්‍යාපනය රකිනවා කියපු මෙරටේ ආණ්ඩුවවත් ජනාධිපතිවරයාවත් මේ ප්‍රශ්නය විසදන්න කිසිම දෙයක් කරලා නෑ.
රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයොත් දින 119ක් තිස්සේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙනවා. රජරට ශිෂ්‍යයෝ විරුද්ධ වුණේ අධ්‍යාපනය විකුණන එකට. මේ වෙද්දී විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති වෙලා තියෙන ප්‍රශ්න ගණනාවකට හේතුව අධ්‍යාපන කප්පාදුව හා විකිණීම. මෙරටේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ අධ්‍යපනය විකුණන එක. ඒ ප්‍රතිපත්තියට විරුද්ධව තමයි ශිෂ්‍යයෝ අරගල කලේ.
රජරට විශ්වවිද්‍යාලය ඇතුලේ කළමනාකරණ උපාධිය විකුණන්න පාලකයෝ කටයුතු කරනවා. මෙච්චර කාලෙකට විශ්වවිද්‍යාලය ඇතුලේ උපාධිය විකුණන එක කලේ නෑ. නමුත් දැන් එකටත් අත ගහල තියෙනවා. ඒකට විරුද්ධව ශිෂ්‍යයෝ අරගල කරද්දී ඒ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙනවා වෙනුවට පාලකයෝ කරේ ශිෂ්‍යයෝ මර්දනය කරන එක. අරගලයට පෙළ ගැහෙන්න අත්පත්‍රිකා බෙදපු ශිෂ්‍යයෝ 5 දෙනෙක්ට වසර 5ක පන්ති තහනමක් ලබා දීල තියෙනවා. උද්ඝෝෂණය කරපු අයට වසර 2, 3 පන්ති තහනම් ලබා දී තියෙනවා. ශිෂ්‍යයෝ අරගලය කලේ මේ අසාධාරණ පන්ති තහනම් ඉවත් කරන්න කියල. ඒ සාධාරණ ඉල්ලීම් වලට කන් දෙනවා වෙනුවට පාලකයෝ මර්දනය ගෙනල්ලා තියෙනවා. මෑත ඉතිහාසයේ මේ තරම් දීර්ඝව කරපු අරගල නෑ. නමුත් මේවට පිළිතුරු ලබා දීමට බලධාරීන් සුදානම් නැත්නම් අපි පැහැදිලිව කියනවා අවසන් විසදුම් ලැබෙන තුරු අඛණ්ඩව මේ ක්‍රියාමාර්ග වල නියැලෙනවා. ඉදිරි කාලයේදී රටටම අදාළ නිවාඩු සමයක්, සැණකෙළි සමයක් එනවා. හැබැයි මේ කිසිදු හේතුවක් නිසා සත්‍යග්‍රහ නවත්වන්නේ නැහැ. ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාලයේ රැදී සිටිමින් අඛණ්ඩව අරගල කරන්න සුදානම්. ඉදිරි කෙටි නිවාඩු කාලයෙන් අනතුරුව අපි සුදානම් දැවැන්ත උද්ඝෝෂණ හා පාගමන් වැනි ක්‍රියාමාර්ග වලට යන්න. "
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සභාපති සහෝදරයා සහ පේරාදෙණිය සමසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ
සභාපති සහෝදරයා ද සහභාගී විය.