පොලීසිය කොළඹදී සිසු නායකයින් සිව් දෙනෙකු පැහැර ගනී...


අද(16) දිනයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරිය හා සමසෞඛ්‍ය විද්‍යාපීඨයන්හි  පිඨාධිපතිවරුන්  ඇතුළු කමිටුවක් සමසෞඛ්‍ය  උපාධිය පිලිබදව සාකච්ඡාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණ. මෙම කමිටුව රැස්වන අතරවාරයේදී සමසෞඛ්‍ය සිසුන් මෙලෙස සිව් අවුරුදු සමසෞඛ්‍ය  උපාධිය කප්පාදු කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට  උද්ඝෝෂණයක් පැවැත්විය. කමිටුව හා උද්ඝෝශණය පැවැත්වීමෙන්  අනතුරුව ආපසු ගමන් කරමින් සිටියදී  ශිෂ්‍ය නායකයන් සිව් දෙනෙකු පැහැර ගැනීමට ලක්ව ඇත. ඔවුන් පැහැර ගනු ලැබූවේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් වන අතර අනතුරුව ශිෂ්‍ය නායකයන් සිව් දෙනා ත‍්‍රී රෝද රථයකට බලහත්කාරයෙන් නංවාගෙන ගෙන ගොස් තිබේ. නමුත් පසුව පොලිසිය පවසන්නේ ඔවුන් අත්අඩංගුවට ගෙන කිරුළපන පොලීසියේ රඳවාගෙන සිටින බවයි. මෙසේ පැහැරගෙන ඇත්තේ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකර, පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති රජිත ප‍්‍රසාද් නන්දසේන, පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උප සභාපති පසන් හේවාවිතාරණ සහ රුහුණ සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සුරේෂ් මධුසංක යන සිසුන්ය.


මොවුන් පැහැරගෙන ඇත්තේ උද්ඝෝෂණය නිමාවී යමින් සිටියදීය. පොලීසිය පවසන්නේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වරෙන්තුවක් මත බවයි. නමුත් ඔවුන්ට කිසිඳු වරෙන්තුවක් නිකුත් කර නොමැත.
පසුගිය 06 වෙනිදා සිසුන් 17 දෙනෙකුට කොළඹ උද්ඝෝෂණය නොකරන ලෙස උසාවි නියෝගයක් නිකුත් කරන ලද අතර උසාවි නියෝග නොතකා සිසුන් උද්ඝෝෂනයේ නිරතවීම හේතුවෙන් සිසුන් 17 දෙනාට මෙම මස 19 දින අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණි. කෙසේ වෙතත් අද පැහැරගත් සිසුන් සිව් දෙනාගෙන් සුරේෂ් මධුසංක එම 17 දෙනාට ඇතුළත් නොවන අතර ඔහුට එරෙහිව චෝදනාවක් නොතිබිණි.

සිතාසි නිකුත් කර ඇති සිසුන් 17 දෙනා
1. නජිත් ඉන්දික - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු
2. චින්තක රාජපක්ෂ - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු වැඩබලන කැඳවුම්කරු
3. රයන් ජයලත් - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රීයාකාරී කමිටුවේ කැඳවුම්කරු
4. දිමුතු ගුණසේකර - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති
5. රජිත ප‍්‍රසාද් නන්දසේන - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති
6. පසන් හේවාවිතාරණ - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උප සභාපති
7. ජානක දර්ශන - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම්
8. නිපුන් දමිත් සේනාරත්න - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික
9. ප‍්‍රභාෂණ රාජපක්ෂ - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සංස්කාරක
10. රොෂේන් චානක - රුහුණ විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති
11. අනුරුද්ධ ඉසුරු බණ්ඩාර - රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති
12. දිනේෂ් කුමාර - රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති
13. අමිල පෙරේරා - රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්
14. චන්දන විජේරත්න - රජරට විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සංස්කාරක
15. දිනේෂ් පුෂ්ප කුමාර - රජරට විශ්වවිද්‍යාලයීය කලමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති
16. ලහිරු වීරසේකර - රජරට විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති
17. ඩබ්. එස්. සජින්ත - රජරට විශ්වවිද්‍යාලයීය කලමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>