සබරගමුවේ පංති තහනම් 26 යි.



අසත්‍ය නවකවද චෝදනාවක් සහ විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ නිලධාරීන්ට රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ මේ වනවිට සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 26 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාලයිය පරිපාලනය කටයුතු කර ඇත.

එමෙන්ම මේ වන විට උණ රෝගය පැතිර යාම පදනම් කර ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලය  ජුලි මස 20 වනදා දක්වා වසා දැමීමට විශ්වවිද්‍යාල පරිපාලනය තීරණය කර ඇත.

අප අවධාරණය කලයුතු කරුණ වන්නේ මිට මාස කිහිපයකට ඉහතදී කැලණිය විශ්වවිද්‍යාලයේ පානිය ජලයට බැක්ටීරියාවක් මිශ්‍ර වී ඇති බව පවසමින් විශ්වවිද්‍යාලය වසා දමා දින කිහිපයකට පසු අසත්‍ය නවකවද චෝදනා යටතේ ශිෂ්‍යාවන් 4 දෙනෙක් හා ශිෂ්‍යන් 5 දෙනෙක් සිරගත කරන ලදී.ඉන්පසුව විශ්වවිද්‍යාල පරිපාලනය පැවසුවේ උද්ගතවිය හැකි නොසන්සුන්තාවයක් නිසා විශ්වවිද්‍යාලය වසා දමන බවයි.කැලණිය  සහ සබරගමුව සිදුවීම් අතර යම් සමානකමක් දක්නට ඇත.අවධාරණය කලයුත්තේ මෙම සිදුවීම් කළමනාකරණය කරනු ලබන්නේ එකම ස්ථානයකින් නොවේද යන්නයි.

අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව හා මාලබේ සයිටම් හොර උපාධි කඩයට එරෙහි අරගලය තීරණාත්මක අවස්ථාවකට පැමිණි මොහොතක බොරු නවකවද චෝදනා ගොනු කරමින්,ශිෂ්‍ය නායකයින් සිරගත  කරමින් හා අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව සටන් කරන බලවේග මර්දනය කරමින් රනිල් මෛත්‍රි ආණ්ඩුව සුදානම් වන්නේ ඔවුන්ගේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ කඩිනම් කරගැනීම සදහා වටපිටාව සකස් කර ගැනීමටය.

ඊට එරෙහිව එක්වෙමු! සංවිධානය වෙමු ! සටන් වදිමු!

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>