අද හවස සිසු නායකයින් 4දෙනා පැහැරගැනීමෙන් පසුව තවත් සිසුවෙකු වෙනත් පුද්ගලයෙකුගේ නමක් සහිත බොරු වරෙන්තුවක් පෙන්වා අතඩංගුවට ගැනීමට උත්සහා කිරීමෙදි සිසුන් විරෝධය දැක්වීම හේතුවෙන් එම සිසුන්ට පහර දී තවත් සිසුන් 13දෙනෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් රදවාගෙන තිබේ. මෙම මොහොත වන විට රදවාගත් සිසුන් අතර තුවාල ලබා සිටින සිසුවෙකුද සිටි. මෙම රදවාගත් සිසුන් බැලීමට පැමිනි සිසුන්ට පවා පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දී තිබේ. පොලිසිය පවසන්නේ රාජකාරියට බදාකිරීම හේතුවෙන් මොහුන් අත්අඩංගුවට ගත් බවයි.